සමගි ජන බලවේග මැයිදින රැළියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  හරීන් ප්‍රනාන්දු මහතා සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතර බහින් බස් වීමක් සිදුව ඇත.

සමගි ජන බලවේගයේ මැයි රැළියේදී මුල් පෙළ අසුන් ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා තමා අසලට කැඳවා ඇති අතර එම අවස්ථාවේ ඔවුන් දෙදෙනා බහින් බස් වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මැදිහත් වී දෙදෙනා අතර බහින්බස් වීම සමථයකට පත් කර හරීන් ප්‍රනාන්දු මහතා එම ස්ථානයෙන් ඉවතට රැගෙන ගියේය.

(034)

(ඡායාරූප: කුෂාන් පතිරාජ)