
(සුජිත් හේවාජුලිගේ )
අමාත්‍යාංශයට යළි යෑමට බලාපොරොත්තුවක් නැතැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසීය.
ජනාධිපතිවරයා හමුවීමෙන් පසු පවතින තත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බවද හෙතෙම සඳහන් කළේය.
විවිධ හේතු මත තමා සිටින්නේ දැඩි කලකිරීමක බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ ප්‍රශ්න සැලකිල්ලට ගෙන තමා අමාත්‍යාංශයෙන් බඩුමුට්ටු පවා ඉවත් කරගත් බවද ප්‍රකාශ කළේය.
රාජ්‍ය අමාත්‍යාංශයට මෙවර අය වැයෙන් ලැබුණු බිලියන 10 ක මුදල් ග්‍රාමීය මාර්ග ඉදිකිරීම සඳහා මුදා හැරීමට එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදැයි කියන සිද්ධියක් නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයාගේ කළකිරීමට හේතුව බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
එසේම නිමල් ලංසා මහතා ග්‍රාමීය මාර්ග ලක්ෂයක් ඉදිකිරීමේ වැඩ පිළිවෙළින් ඉවත් කිරීමද ඔහුගේ කලකිරීමට තවත් හේතුවක් බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න එපා... පරණ බිස්නස් එක කරගෙන ඉන්න...
යන්නේ නැහැ...? අනේ අපිට පාන්...! මෙයා නොගියා කියලා රටට ලොකු පාඩුවක් වෙයි. වැඩ ඔක්කොම නැවතිලා... හරි ලොකු වැඩ කළා වගේ පවු...!
ලංසා දෙමළ හින්දාද මෙහෙම කෙනෙහිලිකම් එයාට කරන්නේ...?
පාරවල් වලින් කන්න නැති වුණු නිසා දුක ඇති...
පරණ බිස්නස් එකම කරගෙන ඉන්න එක හොඳයි කියලා හිතුණාද දන්නේ නැහැ.
මෙයාට හොඳ බිස්නස් මීගමුවේ හැමතැනම තියෙනවා...
නොගියා කියලා රටට පාඩු වෙයි. මෙතෙක් කල් කරපු දේකුත් නෑනේ... තමන්ගේ බිස්නස් මිසක්...!
ආරංචියි..! ආරංචියි..! මෙයාට ඉහළින් ඉන්න එක්කෙනා හතරවරම් ගහලාලු... ගසාකන්න විදිහක් නැතිව කළකිරිලාලු... හෙළිකොප්ටරයෙන් ඇවිල්ලා බලා යනකල්ලු ඉන්නේ.
තවම හෙලිකොප්ටරයෙන් කවුරුවත් ආවේ නෑනේ. මොකද්ද අවුල...? මෙයාගේ පළාතේම තව රාජ්‍ය අමාත්‍ය කෙනෙක් දුරකථනයෙන් කතාකරලා මෙහෙම කියනවා. දැන් අන්තර් ජාලයේ සංසරණය වෙනවා උණු කැවුම් වගේ. උපුටාගැනීම " මගේ ආසනේ පාරවල් අපේ පාරවල් නවත්වලා පාරවල් හදන එක නැවැත්තුවේ නැත්තන් මම මාධ්‍ය සාකච්ඡාවක් තියලා කුඩු පට්ටම් වෙන්න ගහනවා. මම ඔබට ආයේ කියන්නේ නෑ මතක තියාගන්න. මම කියන එක අහගෙන ඉන්න බෑනේ. හෙට පාරකට මුල්ගල තියනවා. පුළුවන් නම් නවත්තපන්. එහෙම කළොත් මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගහනවා. මතක තියාගන්න. මම ආයේ කියන්නේ නෑ." උපුටාගැනීම අවසන්.
ඔක්කොම සල්ලි රාජපක්ෂලාගේ වැඩවලට දෙන්න. හදන හැම බෝක්කුවක්, කණුවක් ගානේ රාජපක්ෂ කෙනෙක් දාන්න. මේ රටේ නමත් රාජපක්ෂ ලන්තය කියලා වෙනස් කරන්න...
මේ අයට ඡන්දෙ දීපු අය ඔළු අතගාලා බලන්න අං තිබෙනවද කියලා...!
පුළුවන් නම් පාර්ලිමේන්තුත් නොගිහින් ඉන්නකෝ ඉතින්...!