
(සමන්ත යහම්පත් සහ ටී.කේ.ජී. කපිල)
ඉන්දියාවේ කල්කටා නුවරදී පැවැති 3 වැනි අන්තර්ජාතික රංගසේනා නාට්ය උළෙලේදී ශ්‍රී ලාංකේය තරුණ නාට්‍යෙව්දී දේවින්ද වික්‍රමසිංහට ‘රංග නාට්‍ය ශාස්ත්‍ර ‘ විශේෂ ගෞරව සම්මානය ද ඔහුගේ ‘‘මම අඩ කුඹයි‘ නාට්යොය් සිංහයාට රඟ පෑ ප්‍රදීප් රාමවික්‍රමට රංගනය වෙනුවෙන් විශේෂ සම්මානයක් ද හිමිවිය.
පසුගිය 2 වැනිදා සිට 6 වැනිදා දක්වා ඉන්දියාවේ කල්කටා නුවර පැවැති මෙම නාට්යය උළෙලට ශ්රී ලංකාව, ඉන්දියාව, නේපාලය, පාකිස්තානය, ඉතාලිය ඇතුළු රටවල් කිහිපයක නාට්යෙවව්දීන් නාට්යව ඉදිරිපත් කර තිබුණි.
දේවින්ද ශ්රී. ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කළ ‘මම අඩ කුඹයි‘ නාට්යයය එක් රංගන ශිල්පියකු පමණක් විනාඩි 30 ක කාලයක් රංගනයේ යෙදීම විශේෂත්වයකි. ශ්රීළ ලාංකීය ජාතික කොඩියේ සිටින සිංහයා, එයින් බැසමින් සිදුකරන පාපොච්චාරණයක් මෙම නාට්යකයට පාදකවී තිබේ.
කැලණිය විශ්වවිද්යායලයේ නාට්යය හා රංගකලාව පිළිබද බාහිර කථිකාචාර්යවරයකු වන දේවින්ගේ ‘මම අඩ කුඹයි‘ නාට්ය යට 2015 වසරේ ජාතික යෞවන සම්මාන උළෙලේදී හොදම නාට්යයය වූ අතර එය 2017 රජා්යි නාට්යය උළෙලේදී විශේෂ ඇගයීමට ද ලක්වුණි. මෙවර රංග සේනා අන්තර්ජාතික නාට්ය් උළෙල වෙනුවෙන් ශ්රීම ලංකාව ඉදිරිපත් කළ පළමු ඒකපාත්ර නාට්යකය ද මෙය වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ආඩම්බරයි ඔබ දේපල ගැන .ඉදිරි නිර්මාණ වලටත් ජය පතනවා.උණුසුම් සුභ පැතුම්
සුභ පැතුම්! ඔබගේ ගෝලීය ගමන දිගටම කරගෙන යාමට ශ්‍රී ලංකාවෙන් ඔබට නිසි පිළිගැනීමක් ලැබිය යුතුය.