
(රෝෂන් තුෂාර)
ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයන් තෝරා ගැනීමේදී සිය අමාත්‍ය ධුරයේ බලය අවභාවිතා කරමින් දේශපාලන හිතවතුන්ට එම අවස්ථාව ලබා දුන්නේ යැයි අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ඉගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මලිගස්සේ මනුෂ නලින් නානායක්කාර සැකකරු ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළේය.
සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ මිලියන හතර බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවට ද නියෝග කළේය.
විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සිදු නොකරන ලෙසට ද දන්වා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන විශාල ප්‍රමාණයක් අවසන් කර තිබීම සහ සැකකරුට සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ ප්‍රබල හැකියාවක් ඇති බවට පෙනී නොයන හෙයින් ඇප නියම කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
අදාළ සිද්ධිය සඳහා ප්‍රකාශ ලබාදීමට ඊයේ උදෑසන අල්ලස් කොමිසමට පැමිණි නානායක්කාර මහතා පස්වරු 2.30 පමණ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුෂයා කියන්නේ හොද මිනිහෙක් නොවෙයි. එහෙට මෙහෙට පැනලා ඇමැතිකම් අරගෙන කරපු දේවල් දන්නා අය දන්නවා...
නඩු අහලා ඉවර කරන්න තව අවුරුදු 10ක් වත් යයි. ඒ දහය ඇතුලත මේ ආන්ඩුවේ අයත් ඇතුළුව තවත් අය එකතු උනාම තවත් කල් යයි. මේ නඩු දැමීමේ සහ කීමේ ක්‍රියාවලිය ලාභාදායි වෙන්නේ ඔය හොරකම් කලා කියන මුදල් නැවත අය කර ගත්තොත් තමයි. නැත්නම් නඩු කීමේ සහ හිරගෙවල් නඩත්තු කිරීමේ වියදමත් පැටවෙන්නේ බදු ගෙවන මහජනතාවගේ කර පිටම තමයි.