
(සුජිත් හේවාජුලිගේ, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මීට ස්වල්ප මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.
ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
නානායක්කාර මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තමා අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස මනූෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළේය.
අපසුගිය රජය සමයේදී ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයන් යැවීමේදී සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අල්ලස් කොමිසමට මෙසේ කැඳවා තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප ඉල්ලනකොටම මම හිතුවා ඇතුළට යන්න වෙයි කියලා...
දැන් රනිල් පාර්ශවය සහ නාමල් පාර්ශවය බන්ධනාගාරය තුළ කරට කර ඉන්නේ...
මනූෂ ඔහු කරතිබෙන වැරැද්දේ බරපතලකම දැනගෙන තමයි අපේක්ෂිත ඇපයක් ඉල්ලලා තියෙන්නේ. තමන් නිවැරැදි නම් එහෙම දෙයක් ඉල්ලන්න වුවමනාවක් එන්නේ නැහැනේ...
තවත් ඡන්ද ප්‍රතිඵලයක්... දැන් හිටපු හොරු කණ්ඩායම් දෙක අතරේ හිරේට යන්න කරට කර සටනක්...
හොඳ අත්දැකීමක් වේවි නේද?
ඔක්කොමත් හරි නාමල්ගේ කෙදිරිය තමයි ඉවසාගෙන ඉන්න බැරි අපේ හාන්දුරුවනේ...!