ශ්රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කරගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරීව සහභාගී වන රටක් විදිහට අපි ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා යැයි විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මානව හිමිකම් කවුන්සිලය අමතමින් අද (1) පැවැසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වෙනි සැසිවාරයේ දෙවැනි දවස වූ අද 1 වෙනි දින විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.50 මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ අංගය ඇමතුවේය.
සමුළුව අමතමින් ජී.එල්.පීරිස් මහතා මෙසේ ද පැවැසීය.
මූලික අයිතිවාසිකම් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම අන්තර්ගත වෙලා තියෙනවා. මූලික අයිතිවාසිකම් අපගේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නිලධාරීන් සිටින රාජ්‍ය ආයතන හරහා ක්‍රමානුකූලව දිව යන අතර එසේ දිවයන මූලික අයිතිවාසිකම් බලාත්මක කිරීමට අපිට ස්වාධීන අධිකරණ පද්ධතියක් තිබෙනවා. ත්‍රස්තවාදය,කොරෝනා වසංගතය වැනි අභියෝග රැසකට මුහුණ දී තිබියදීත් අපි සාමය, ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යය මුළු රටේම කලින් තිබූ තත්ත්වයට නැවත පත්කරලා තියෙනවා.
අපගේ දේශීය රාමුවට සහ ජාත්‍යන්තර බැඳීම් වලට අනුකූලව ආගම, ජනවර්ගය, දේශපාලන පසුබිම නොතකමින් අපගේ සියලුම පුරවැසියන්ගේ මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය ආරක්ෂා කිරීම දිගටම සිදු කරන අතර මානව හිමිකම් ආරක්ෂා කිරීම මෙන්ම ප්‍රවර්ධනයද අපි දිගටම සිදු කරනවා .කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ආර්ථික පසුබෑම තිබියදීත්, අපි අපේ ජනතාවගේ සංවර්ධනය වීමේ අයිතිය තහවුරු කරන්න අපි ක්‍රියාකරලා තියෙනවා.නවතම තිරසාර සංවර්ධන ඉලක්ක අනුව ශ්‍රී ලංකාව සිය ගෝලීය ශ්‍රේණිගත කිරීම වල ස්ථාන හතක් ඉදිරියට ඇවිත් තියෙනවා.
2021 මාර්තු මාසයේදී, ශ්‍රී ලංකාවේ කැමැත්තකින් තොරව සභාගත කරන ලද 46/1 යෝජනාවට කවුන්සිලය ඡන්දය දුන්නා. මෙම යෝජනාවේ 6 වන ක්‍රියාකාරී ඡේදය ඊනියා සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයක් ගැන සඳහන් කරන අතර එය රටවල් ගනනාවක් විසින් දැඩි ලෙස විරුද්ධ වූ පියවරක්. මෙවැනි යාන්ත්‍රණයකට මුල පිරීම නිසා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අසමගිය ඇති වෙන්න ඉඩ තියෙනවා.එය සුව වූ තුවාල නැවත පාරවමින් ජාතින් අතර වෛර ගොඩ නැගීමට හේතුවක් වෙනවා.එය සංහිඳියා ඇති කිරීමට දරණ උත්සාහයන්ට බාධා ඇති කරන අතර,මම කියන්න කැමති 46/1 යෝජනාවේ 6 වන ක්‍රියාකාරී ඡේදයේ සඳහන් වන සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයෙන් ශ්‍රී ලාංකිකයන් මානව හිමිකම් ආරක්ෂා කිරීමට කිසිම උදව්වක් සිදුවෙන්නේ නැහැ.
ඒ වගේම මම කියන්න කැමති අවුරුදු 43 පසුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය කිරීමට අපි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා ඒක ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ගත් හොඳ පියවරක් ලෙස පෙන්වා දෙන්න කැමති" මානව හිමිකම් කවුන්සිලයේ ඉහල අංගය අමතමින් විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් මහතා මෙසේ පැවසීය.
ශ්‍රී ලංකාව පිළිබඳ ක්‍රියාකාරී සංවාදය මාර්තු 3 වෙනි නොපැවැත් වෙන අතර එය එළඹෙන මාර්තු 4 වෙනි දින පැවැත්වීමට නියමිතව ඇත.
(034)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මානව හිමිකම් රැකගන්න ලංකාවේ ක්‍රියාමාර්ග රැසක් අරන් තියෙනවා
ලුම්බිණි Tuesday, 01 March 2022 06:06 PM
ඔය කියන විදියට කළා නම් මෙහෙම වෙන්නේ නැහැ නේද පීරිස් මහත්තයා?
චමින්ද ජයනාත් ජයසූරිය Tuesday, 01 March 2022 06:33 PM
හොරුන්ට...බොරුකාරයින්ට...තක්කඩියන්ට...පගාගන්න දුෂිතයින්ට මේ රටේ හොඳටම මානව හිමිකම් තියෙනවා... ඔය මහලොකු ප්‍රජාතන්තවාදය තියෙනවැයි කියන රටවල ඔයගොල්ලන්ගේ එහෙම නෑනේ..
Kule Tuesday, 01 March 2022 07:01 PM
ශ්‍රී ලංකාවේ උතුරේ, දකුණේ, නැගෙනහිර ජීවත්වෙන ජනකොට්ඨාශයන්ගෙන් අවංක සංහිඳියාව තියෙන්නේ කොයි ජන කොට්ඨාශයෙන් ජීවත්වන පළාතේද කියලා ලංකාවේ ජීවත්වන අපිනම් දන්නවා. ඒත් ශ්‍රී ලංකාවට පයනොගහ අපිට විරුද්ධව අපිට විරුද්ධව අත උස්සන සුදුමහත්වර්න් දන්නේ නැහැ.
Kumara Tuesday, 01 March 2022 07:10 PM
බම්බුව තමයි...!
Surain Tuesday, 01 March 2022 07:11 PM
බොරුකීමේ සීමාවක් නැහැ... බොරුව නිසා තමයි ඔක්කොම හරිගිහිල්ලා තියෙන්නේ හොඳටම..
C.K.Lankaputhra Tuesday, 01 March 2022 07:24 PM
බලපල්ලා ඔය මහාචාර්යතුමා කලිසම ඇඳගෙනද ජිනීවා ගිහින් ඉන්නේ කියලා...? ලැජ්ජාවක් කියලා ඇත්තේම නැද්ද...?
Shan Tuesday, 01 March 2022 07:56 PM
නහින දෙහින කාලෙත් කියන්නේ බොරු. මොන ලෝකෙට යන්නද දන්නේ නැහැ හිතාගෙන ඉන්නේ..?
CCTuesday, 01 March 2022 11:17 PM
නැවත ඉපදී පාර්ලිමේන්තුවට පත්වෙන්න අදහසක් ඇති.
විපරමා Tuesday, 01 March 2022 08:34 PM
එහෙටයි, මෙහෙටයි පැනපැන බලයේ ඉන්න හැදුවා මිසක් මෙයා හරියට කරපු දෙයක් තියෙනවද? වැඩ කෙසේවෙතත් කයිවාරුව නම් ඉහටත් උඩින්...
බද්රානි Wednesday, 02 March 2022 03:27 AM
අනේ! මේ වගේ අසමත්, තුච්ඡ, නින්දිත ජාතියක් ලෝකයා ඉදිරියේ ලැජ්ජා නැතිව ලෝකයා ඉදිරියේ පම්පෝරි ගහන්නත් එනවා මෙතන.. කෝවිඩ් වසංගතය හමුවේ ලෝකයේ අසරණ වෙලා හිටපු තමන්ගේම ජාතියවත් රටට වැද්ද ගත්තු නැති අමනයින් වෙසෙන රටක තව මෙතන මානව හිමිකම් ගැන කතා කරන්නේ රෙදි ඇඳගෙනද? කොරෝනාව ගරානාවක් කරගෙන තමන්ගේම ජාතියෙන් මුදල් සුරාකාපු නින්දිතයින්.. පහුගිය කාලයේ මියන්මාර සරණාගතයින් දහ පහළොස් දෙනෙකුට එරෙහිව රෙදි උස්සගෙන උඩ පැන්න හැටි දන්නවා නම් මොවුන්ව ලෝකයේ කිසිම රටකට වැද්ද ගන්නේවත් නැහැ. ඇත්තම කියනවා නම් ඔය සමුළු වලින් මොවුන්ව පයින් ගහලා පන්නා දැමිය යුතුයි. ඒ තරමටම මිලේච්ඡ තිරිසන්නු ජාතියක්...
Don perea Wednesday, 02 March 2022 03:34 AM
රාජපක්ෂලාට බොරු කීමෙන් ලෝකවාර්තා තබා ඇත.
Sunil Wednesday, 02 March 2022 09:07 AM
වෘතිය ගෞරවය පසෙකලා කුලියට කරනවා දැන් යන එනමං නැතිව.
sharm warn Wednesday, 02 March 2022 10:26 AM
මහාචාර්ය පදවිය කුඩා ළමයෙකුට දුන්නා නම් ඉවරයි. වලපයයි, ගොඩපයයි තියාගෙන මේ වගේ සහගහන අපරාධ කතා කියන්නේ මැරුණාම පණුවො වෙලා ඉපදෙන්න පතාගෙනද? පව් නොදී යන්න.