(නිමන්ති රණසිංහ)
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ සංවිධානයේ රැඳවියන් නිරීක්ෂණය කිරීම සදහා මානව හිමිකම් ක්‍රීයාකාරී කණ්ඩායමක් අද (16) අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
සිරකරු දිනය පැවැති ඉකුත් 12 වැනිදා හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි එල් ටී ටී ඊ සිරකරුවන් වෙත සිදුකළැයි කියන අයුතු බලපෑම සම්බන්ධයෙන් නිරීක්ෂණය සදහා මෙම මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිස පැමිණී බව ද ඔහු සදහන් කළේය.
අධිකරණ අමාත්‍යාංශයේ අනුමැතිය මත මෙම පිරිස සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව බන්ධනාගාරයට පැමිණ අදාළ සැකකරුවන් මුණ ගැසී ඔවුන් හා සාකච්ඡා කර ඇති බව ද හෙතෙම පැවසීය.
එසේම, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ද එම අවස්ථාවේදී බන්ධනාගාරයට පැමිණ එම රැදවියන් මුණ ගැසී ඔවුන් සමග කතා සාකච්ඡා කර ඇතැයි ද සදහන් වෙයි.
මෙම සිද්ධියට අදාළව පුළුල් පරීක්ෂණයක් සිදුකිරිම සදහා බන්ධනාගාර කෙමසාරිස් ජනරාල්වරයා විසින් කොමසාරිස් (සැපයුම්) සුනිල් කොඩිතුවක්කු මහතා පත්කරනු ලැබ තිබේ.
ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරින්ගෙන් සහ සිරකරුවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද පැවසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාරයට ගිය වරද පිලිගනිමින් රත්වත්තේ ඉල්ලා අස්වුනා .එතකොට බන්ධනාගාරයේ උන් කියනවා එහෙම සිදුවිමක් උනේ නැහැ කියලා. නියම රටක්
අපේ චන්දන මහත්තයා හිටියනම්...
මානව හිමිකම් සංවිධාන බලාගෙන ඉන්නේ පුංචි වරදක් හෝ වෙනකන්. ඊට පස්සේ මේවා ලොකු කරලා ශ්‍රී ලංකාවට එරෙහිව බලපෑම් කරනවා . මෙවැනි අවස්ථාවක ලොහාන් ඇමතිතුමා කරලා තියෙන්නේ බරපතල වරදක්. අමාත්‍යවරයෙක් කරපු දෙයක් පිළිගැනෙන්නේ රජය කල දෙයක් හැටියට. ඇමතිකමෙන් ඉල්ලා අස්වීම මේකට විසඳුම නොවේ. ලංකාවේ සිවිල් හා අපරාධ නීතියේ හැටියට දඬුවන් දෙන්න ඕන. එසේ නොවන්නේ නම් ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම බොරු වංචාවක්.
මිනීමරුවන් පාර්ලිමේන්තු යන රටේ මේ වෙන දේවල් දිහා අපි නිහඬව බලා ඉන්නවා ඇරුණු කොට වෙන මොනවද අපිට කරන්න පුලුවන්. අපි බෙල හීන ජාතියක්. බෙල හීන ජාතියක් කරලයි තියෙන්නෙ.
මෙතන නිරෝධාන නීති කඩලා, බීමතින් බන්ධනාගාරයට ගිහින් රන්ජන් අවුරුදු 4ක් හිරේ යැව්වානම් මොහු අවුරුදු 25 හිරේ යවන්න ඕන.
රත්වත්තේ මහත්තය කියන විධියට ඔහු ඉල්ලලා අස්වුනේ රජය අපහසුතාවයට පත් කිරීමෙන් වැළකීමට මිසක් වරදක් ඔහු අතින් සිදුවූ බවක් කියමින් නොවේ. බන්ධනාගාර කොමසාරිස් ටත් යමක් දැනගන්නට ලැබෙන්නේ ඔය කියන පරික්ෂනයෙනි. ඔහුත් ඒ බව දන්නා බව මෙතෙක් පවසා නැහැ. හැබැයි සිරකරුවන් ගේ ආරක්ෂාව ඔහු බලාගතයුතුයි. අබුද්ධස්ස කාලේ ! රත්වත්තේ මහත්තයට හිටියට වඩා හොඳ තැනක් නම් ලැබෙන බව ෂුවර්.
ඔය මානව හිමිකම් අයට මතක් කරදෙන්න , ශ්‍රී මහා බෝධිය ළඟ ඝාතන, දළඳා මැදුර , මහ බැංකුව , අරන්තලාවේ මහා සංඝරත්නය ඝාතනය, අහින්සක පුරවැසියන් ඝාතන. එතකොට ඔය උණුවන හිත් කොහෙද දන්නෙ නෑ තිබුණෙ.
ඒ ගමන්ම එල්ලුම් ගහත් බලන්න යාවිද.?