(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)
යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සහ වනජීවී නිලධාරින් පිරිසක් අතර හබරණ ප්‍රදේශයේදී ඇති වූ බහින්බස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ කමිටුවක් පත්කර තිබේ.
මෙම පරීක්ෂණ මණ්ඩලය සඳහා ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරල්වරුන් දෙදෙනකුගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් යුද හමුදාපතිවරයා විසින් පත් කර ඇත .
මේ පිළිබඳ පැමිණිලි පොලිසියට ද වාර්තා වී ඇති බවත් මීට සමගාමීව යුද්ධ හමුදා පොලිස් පරික්‍ෂණයක් ද ආරම්භ කර ඇති බවත් යුද හමුදාව පවසයි.
දැනට අවශ්‍ය කරුණු හා සාක්‍ෂි විමර්ශනය කරමින් කටයුතු කරනු ලබන මෙම මණ්ඩලය එම සිදුවීමට අදාල නිරික්ෂණ ඇතුලත් සම්පූර්ණ වාර්තාවක් යුද හමුදාපතිවරයාට කඩිනමින් ලබාදීමට නියමිත බව එම නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව පවසයි.
වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ අතර බහින්බස් වීමක් සිදු වූයේ ඉකුත් 25 වැනිදා හබරණ ප්‍රදේශයේ දී ය
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මින්නේරියේ සිද්ධිය සොයන්න යුද හමුදාවෙන් පරීක්ෂණ මණ්ඩලයක්
C. Senevissrathne Thursday, 01 July 2021 08:11 AM
හමුදා පරීක්ෂණයක් ආරම්භ කිරිම යනු පියවර ගැනීමක් නොවේ. රටේ නීතිය අත්හිටුවා රණවිරු වරප්‍රසාද සහතික කිරිමකි. රටම බලා සිටියි. වන සතුන්ද හමුදා නීතියට යටත් කිරීමකි...
C.K.Lankaputhra. Thursday, 01 July 2021 09:26 AM
හමුදා පරීක්ෂණ මණ්ඩලයේ සොයාගැනීම් පොලිසියේ සොයාගැනීම් අභිබවා යයිද...?
බණ්ඩා Thursday, 01 July 2021 10:53 AM
ඇත්ත වශයෙන්ම වී ඇත්තේ නීති විරෝධී අලි හොරකමක් සහ පහරදීමක් සමග තවත් රාජ්‍ය දෙපාර්තමේන්තුවක කටයුතු වලට බාධා කරමින් කරන ලද ත්‍රස්තවාදී ක්‍රියාවකි. හමුදාපතිගේ කොමිසම් බොරු ඒවායි. හොරෙක් කිසිදිනක තමන්ව හොයා ගන්නේ නැත. ගොයම් කන්නේ වැටත් නියරත් ය.
Nuwan Thursday, 01 July 2021 12:44 PM
කතාවේ නායකයාම විශේෂ කමිටුවක් පත්කරලා... විහිළු තමයි..!!!
Appuhami Friday, 02 July 2021 11:26 AM
තනතුරු නොබලා දඩුවම් දිය යුතුයි