(ඉන්දිකා රාමනායක )
මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කෝටිපති ව්‍යාපාරිකයා මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මන්නාරම තලේමන්නාරම පාරේ පිහිටි ඔහුට අයත් හෝටලයෙ කාමරයක සැඟව සිටියදී පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරුවත් අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ ජීවත් බෝම්බයක් ද තිබූ බව පොලිසිය පවසයි.
පසුගිය ජනවාරි මස 16 දින අධිකරණයට රැගෙන යමින් සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් යතුරුපැදියෙන් පැමිණියේ දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පල ගොස් තිබුණි .
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් මන්නාරම කඳවුරේ රාජකාරී කරමින් සිටී යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළු සාමාජිකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd