(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම් සමූහ මිනීවල දෙවැනි වතාවට පුළුල් කිරීමෙන් පසුව කළ කැනීම්වලදී අද (16) වන විට සිරුරු 300 ක් හමු වී ඇති බව කැනීම් භාර නිලධාරී විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පවසයි.
පසුගිය ජනවාරී 11 වැනිදා සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු තාවකාලිකව නැවත්වීමෙන් පසුව 130 වන දිනට අද (16) දින සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු යළි අරඹා තිබේ.
මේ අනුව හමු වූ සිරුරු 300 න් සිරුරු 294 ක් වෙන් කර මන්නාරම් අධිකරණයේ විශේෂ කුටියක ආරක්ෂිතව තැන්පත් කර ඇති අතර, එසේ හමුවූ සිරුරු වලින් ළමුන්ගේ බවට සැකකෙරෙන සිරුරු කොටස් 23 ක් වෙන් කර ඇති බවටද වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මන්නාරම් සමූහ මිනීවලේ සිරුරු කොටස් ඇමරිකාවට රැගෙන යාම පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මෙසේ පැවසීය.
‘මන්නාරම මහෙස්ත්‍රාත් නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් සහ රජයේ නීතීඥවරුන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපස අදාළ කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත අස්ථි කොටස් සාම්පල ලබා ගැනීම සිදුකළා.
සියලු පාර්ශව වෙනුවෙන් විනිවිදභාවය ආරක්ෂ වන ආකාරයෙන් කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි කොටස් කැබලි ලබාගත් අතර, කිසිදු ආකාරයක දෝෂයක් නොවන ආකාරයට සියලු පාර්ශවවල නිරීක්ෂණ මත කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි ලබාගන්නවා.
‘කාබන් පරීක්ෂාවට ඇමරිකායට යන අවස්ථාවේදී මිනී වලේ කැනීම් කටයුතු බොහෝදුරට නවත්වන්න වෙයි. මම මෙතන නැති නිසා මේ සම්බන්ධව තීරණයක් අපි ඉදිරි දින කිහිපයේදී ගන්නවා. මන්නාරම් මහේස්ත්‍රාත් තුමත් සමග සාකච්ඡා කරලා ඒ ගැන මේ සතිය අවසානයේ දැනුම් දෙන්න හැකි වෙයි" යනුවෙනි.
මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල තිබූ ස්ථානයේ සමූහ මිණීවල පිහිටා ඇති අතර එහිදී දෙවන වතාටත් සමූහ මිනීවල ප්‍රධාන මාර්ගය දෙසට හා අතුරු මාර්ගයක් දෙසට පුළුල් කිරීමෙන් පසුව කැනීම් කටයුතු අරඹා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතය මොනතරම් නිසරුද?
පෙර හිටපු පාලකයන්ගේ ඒකාධිපති වියරුවේ විපාක තමයි මේවා..!!!
කොටි මරපු අහිංසක පොලිස් නිලධාරීන්ගේ මිනී තමයි මේ..
කාබන් පරීක්ෂණය කරනතුරු කාලනීර්ණය කළ නොහැක. සමහරවිට ලන්දේසි සමයේ වසංගත වලින් මැරුණ අයද විය හැක.
මමත් හිතනවා ඒ කාලේ කෙරුවේ මානුෂික මෙහෙයුමක් නෙව! මේ කට්ටිය ස්වයංක්‍රීයව මරණයට පත් වෙන්න ඇති කියලා. එහෙම නැත්නම් රණවිරුවන්ගේ හපන් කමක් වෙන්නත් පුළුවනි! මේ මැරිලා ඉන්නෙත් අපේ රටේම පුරවැසියන් බව නොහිතන දේශපාලකයින් ඉන්න බව අපි දන්නවා. කවුරු කළත් වරද නම් වරද මයි!