IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මුන්දලමේ අවි සෙල්ලම් දැමූ දෙන්නෙක් අල්ලයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුන්දලම ප්‍රදේශයේ අවස්ථා දෙකකදී වෙඩි තැබිම් දෙකක් සිදුකර එම ප්‍රදේශයෙ නොසන්සුන්තාවයක් ඇති කළ  බව කියන සැකකරුවන් දෙදෙනෙකු වෙඩි තැබිමට යොදා ගත් ගිනි අවිය සමඟ  පුත්තලම කොට්ඨාස අපරාධ කාර්යාංශයේ නිළධාරීන් විසින් සිදුකල මෙහෙයුමකින් පසු  ඊයේ (28 )  අත් අඩංගුවට ගත් බව කියයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුණේ අවුරුදු 30 හා 37 වයස් සිමාවල සැකකරුවන් දෙදෙනෙකු වන අතර මොවුන් මුන්දලම නවදන්කුලම පදිංචිකරුවන් බව කියයි.

මෙම අත් අඩංගුවට ගැනිම සදහා පුත්තලම කොට්ඨාශ බුද්ධි අංශය හා කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයෙ බුද්ධි එකකක ලබා දුන් තොරතුරු මත මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට කටයුතු කර තිබුණි.

අදාල වෙඩි තැබිමට සම්බන්ධව සැකකරුවන් සමග බෝර 12 ගිනි අවිය.ජීව පතොරම් තුනක් හා හිස් කොපු හතරක් මෙලෙස අත් අඩංගුවට ගැනිමට කටයුතු කර තිබු බව කියයි.

මෙම වෙඩි තැබිමට හේතුවි ඇත්තේ ඉඩම් සම්බන්ධ ආරවුලක් බවත් එම ආරවුල ඇති කර ඇත්තේ මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරුවන්ට අදාල වෙඩි තැබිමට උපදෙස් දුන් ප්‍රධාන සැකකරු බවද විමර්ශන වලදී හෙළිව තිබේ .

 

 



අදහස් (0)

මුන්දලමේ අවි සෙල්ලම් දැමූ දෙන්නෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 436 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16864 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 661 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site