(නාලක සංජීව දහනායක)
එක්සත් ජාතික පක්ෂය විසින් කතානායකවරයාට ලබාදුන් අත්සන් ලේඛනයට මන්ත්‍රීවරුන් අත්සන් තබා ඇත්තේ පාර්ලිමේන්තුව කැඳවීමේ යෝජනාවකට සහය පළකරමින් මිස හිටපු අගමැතිවරයාට සහය පළකරමින් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (2) පැවැසීය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ බලය ස්ථාවරව පවතින්නේ කුමන පාර්ශ්වකටදැයි යන්න හෙට අනිද්දා වනවිට පැහැදිලිව දැක බලාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.
තමන්ගෙන් ගිලිහෙන බලය ආරක්ෂාකර ගැනීමට එක්සත් ජාතික පක්ෂය නාඩගම් නටන බව කී මන්ත්‍රීවරයා ඒ සඳහා කතානායකවරයා හා ජනතා විමුක්ති පෙරමුණද සම්බන්ධ යැයිද පැවසීය.
කොළඹ, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (2) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමයි ගරු උප අගමැතිතුමනි...
ඔබතුමා ලංකාවට පහළ වූ සියල්ල දත් ...
දැන් මෛත්‍රී හොඳද?
TNA මන්ත්‍රී කෙනෙක් අද නියෝජ්‍ය ඇමැති හැටියට අද දිව්රුම් දුන්නා. තුම්මුල්ලේ විමලේ කොහෙද හිටියේ?
උප අගමැතිතුමනි ඔබ එ.ජා. පාක්ෂිකයෙක් නොවේ. ඔවුන් අත්සන් කලේ කුමටදැයි ඔබට කියන්න බැහැ...
මේ මහත්තයට කියලනේ මේ රටේ හැමදෙනාම වැඩකරන්නේ.... රටම අද විහිළුවට පත්වෙලා...
මේවා තනිකරම විදෙස් කුමන්ත්‍රණ නේද? මේ වගේ අයට ඡන්දෙ දෙන අයට කියන්න වචන නැහැ. බුද්ධිමත් විදියට හිතලා නැවත මේ වගේ අය පත්කරන්න එපා මගේ රටවැසියනේ...
මෙයාට තවම ඇමතිකමක් දුන්නේ නැත්තේ ඇයි? මේ මුදල් ඇමති කම වගේ එකක්...
නැතුව නැතුව.
කිසිම කෙනෙක් මේ බව දන්නේ නැතිව ඇති..
විමලෝ ඉක්මනට ටැප් එකක් ළඟට පලයන්... ඔය 104 තියාගන්න... අන්න රනිල්ගේ 99ක් ටී එන ඒ එකේ 16ට එකතුවෙලා දැන් රනිල්ට 115... බඩ යන්න කලින් ලොක්කත් අරන් ටැප් එකක් ළඟට යන්න.
තල තෙලට වේලේ
අපිට අවශ්‍ය හමුදා පාලනයක් .