(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට හැත්තෑවක් පමණ සිය කාර්ය මණ්ඩලය සඳහා බිරිඳ ,දූ පුතුන් සහ පවුලේ කිට්ටුවන්ත ඥාතීන් පත් කරගෙන සිටිතියි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
සෑම මන්ත්‍රීවරයකුටම සිය කාර්ය මණ්ඩලය සඳහා නිලධාරීන් සහ සේවකයන් හය දෙනකු බඳවා ගැනීමට අවස්ථාව හිමිවන අතර ඒ සෑම නිලධාරියකු සහ සේවකයකු වෙනුවෙන්ම රුපියල් තිස් පන්දහසත් හතළිස් දහසත් අතර මුදලක් රජය විසින් මාසිකව ගෙවනු ලබන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කාර්ය මණ්ඩලයට පෞද්ගලික ලේකම්වරයෙක්, සමීක්ෂණ නිලධාරියෙක්, රියැදුරෝ දෙදෙනෙක්, ලඝු ලේඛකයෙක් සහ කාර්යාල කාර්ය සහයකවරයෙක් ඇතුළත් වෙති.
මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් පෞද්ගලික ලේකම්වරුන් වශයෙන් පත්කරගෙන සිටින්නේ මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන් බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පෞද්ගලික කාර්ය මණ්ඩල සඳහා ලැබෙන වැටුප් පවුල අතරේම රඳවා තබා ගැනීම මෙහි ප්‍රධාන අරමුණවී ඇතැයි වාර්තා වේ.
අදාල මන්ත්‍රීවරයාගේ යෝජනා අනුව කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙලෙස පත් කරනු ලබන්නේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇති පාර්ලිමේන්තු කටයුතු අංශය විසිනි.
මේ අතර ඇමැතිවරයකුගේ කාර්ය මණ්ඩලය සඳහා නිලධාරීන් සහ සේවකයන් දොළොස් දෙනකු පත් කර ගැනීමට අවස්ථාව හිමිවන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ලංකාව කියන්නේ ඒ ගොල්ලන්ගේ දෑවැද්දනේ... ඒක දන්නෙත් නැද්ද? ඔය පළාත් සභා, ප්‍රාදේශීය සභා කියන්නෙත් එහෙමම තමයි. වැඩේ කියන්නේ පිටරට ඉඳනුත් මිනිස්සු එනවා.. මේ ගොල්ලන්ට කතිරයක් ගහලා යන්න... ගහලා පොඩ්ඩක් පෝසත් කරන්න...
අනේ මන්දා මෙහෙමත් කරුමයක්....!!!
පෙන්ෂනුත් ලැබෙනවා නේද? රට ගොඩ නගමු. හැමෝම පාර්ලිමේන්තු යමු...!!!
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 50%ක් අඩුකළ යුතුමයි. ජාතික ලැයිස්තුවක් අවශ්‍ය නැත.
ඕවා නවත්වන්න කියලා හැට නව ලක්ශේ එකතුවෙලා ගෙනාපු දියසේනත් ඒ ගැන සද්දයක් නැහැ. ආයේ එහෙම වුණොත් "අපි තමයි මුලින්ම පාරට බහින්නේ මචං" කියපු කට්ටියත් හොයාගන්න නැහැ දැන්..
මිනිස්සු මන්ත්‍රීලාට සාප කරන්නේ නිකම් නෙමෙයි. මේ අයට ලැජ්ජා නැද්ද මන්දා..?
මදැයි කැලෑවකට රජ කරවන්න සිංහයෙක් කියලා වඳුරෙක් ගෙනාවා. ඌ ඉතින් දන්නේ අනික් අය කරන දේ කරන්න විතරයිනේ...
එතකොට තමයි ඒ අයට හොරකම්, දුෂණය වැනිදේ කරන්න ලේසි වෙන්නේ...
මහ එකාගේ ඉඳලම ඉතින් එහෙමනේ ක්‍රමය. කවුරු ආවත් ඕක තමයි කරන්නේ... කිහිපදෙනෙක් හැර. මෙය තමයි වෙනස් විය යුත්තේ...
කවුරු බලයට ආවත් ක්‍රමය මේක තමයි... මේ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කළ යුතුයි.. ඊළඟ ඡන්දය ජේවීපී එකට...
මේවා නැතිකරන්න මේ දෙගොල්ලන්ටම බැහැ.
තවත් මෝඩ නොවී රට ගැන හිතන පිරිසක් පත්කර ගනිමු...
මොවුන් යන්නේ ඒකටමනේ... නැතුව රටට සේවයක් කරන්න නෙමෙයිනේ...
නන්දසේනට කවදාවත් බැහැ දියසේන වෙන්න.. .මෝඩ 69 ලක්ශේ...
රාජපක්ෂ පවුලට ඒක අදාල නෑ වගේ...
ඉතින් හරිනේ. පළමුව තමනට විශ්වාස ළඟම පිරිස එක්ක ඕනනේ බෙදාගෙන කන්න. දන්න කාලේ ඉඳලා. මහතැන ඉඳලා පහළට එනකම් එහෙම තමයි.. ඒ විදියට බෙදාගෙන කාලා ඉතිරි වුණොත් ඔය කටු කෑල්ලක් වගේ රට්ටු ඉන්න පැත්තට විසිකරන්න මහත්තයෝ...
ඇයි මතක නැද්ද අපේ ලොක්කා මුලදීම කට්ටියට කියලා තහනම් කළානේ ඔය වැඩේ. ඒ වුණාට කවුරුත් අහපු පාටක් නෑනේ. ඒකත් රිවර්ස් ගිහිල්ලා නේද?
ඒ විතරක්ද? පඳුරක් ගානේ පිනට වැටුප් ලබන පළාත් පාලන නියෝජිතයින් හැටහුටහමාරක් ඉද්දී ඔය කියන රාජ්‍ය හා කැබිනට් ඇමතිවරු තවවැටුප් ලබන උපදේශකවරු, වැටුප්, වාහන, රියැදුරන් සහ වෙනත් වරප්‍රසාද සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සම්බන්ධීකරණ නිලධාරීන් කියලා පිරිසකුත් පත්කර ගෙන ඉන්නවා නේද? ඒවා එහෙම නම් මේවා ජාතික අපරාධ නොවේද? අනේ එදාවේල හොයාගෙන කන අහිංසක ජනතාව මේවා දෙයියන්ටම තමයි කියන්න තියෙන්නේ... වෙන කාට කියන්නද?...
225ට සැප දෙන්න අපි කන කට්ටක්...
225 කට සැප දෙන්න අපි කන කට්ටක්...
නායකයන්ට හොන්ද නම් අප කෙරුවම මොකද වෙන්නේ කියලා හිතාගෙන ඇති.
ලංකාව බංකොලොත් වෙන එක අහන්න දෙයක් ද
අනේ වහලුනේ මේවා අද, ඊයේ වෙන දේවල් නොවේ...
ජනාධිපති සහ අගමැති එයාලගෙ පවුලෙ අයවලුන්ට ඔක්කොම මැටි ඇමතිකම් තානාපතිකම් ආයතනවල සභාපතිකම් දෙද්දි ගෝලයො එහෙම කෙරුවට කමක් නෑනෙ.
එක්කෙනෙක් ගෙනාවෙ ඕවා නැතිකරයි කියල හිතාගෙන
ජනාධිපතිට හොඳ නම් අයියලා, මල්ලිලා සනුහරේටම රැකී, රක්ෂා දීලා ඔවුන්ගේ නැන්දම්මලා, මාමණ්ඩිලාටත් සලකන්න. අගමැතිටත් එම ක්‍රියාවම කරන්න හොඳ නම් මන්ත්‍රීලට විතරක් වැරැදි කියන්නේ කොහොමද?
පව්, රට වෙනුවෙන් දිවා, රෑ නොබලා මුළු පවුලම කැපවීමෙන්, බොහෝ වෙහෙස මහන්සි වෙලා වැඩකරලා, අනේ අපරාදෙ බලන්නකෝ බැණුම් අහන හැටි.