
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සියලුම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් සැපයෙන දිවා ආහාර වේල රටේ ජනතාව මුහුණදී සිටින ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 53 දෙනෙක් සිය අත්සනින් යුතුව සකස් කෙරුණු ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාරදෙමින් අද (19) ඉල්ලීමක් කළහ.
රටේ ජනතාව අද එක වේලක් හෝ ගත නොහැකිව අසීරුතාවයට පත්ව සිටින මොහොතක මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට දිවා ආහාර වේල සැපයීම සඳහා විශාල වියදමක් දැරීම අසාධාරණ බවද මන්ත්‍රීවරු පිරිස ඒ ලිපියෙන් පෙන්වා දෙති.
පාර්ලිමේන්තු රැස්වීම් දවස පුරා පැවැත්වෙන අවස්ථාවලදී පමණක් වෙළෙඳපොළේ පවතින මිල ගණන් යටතේ බත් පාර්සලයක් ලබාදීමට කටයුතු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.
මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් දිවා ආහාරය සැපයීම ආර්ථික අර්බුදය පවතින තාක් අත්හිටුවන ලෙස මන්ත්‍රී පිරිස
එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.
මෙම ලිපියට අත්සන් තබා ඇති පිරිසට සිසිර ජයකොඩි, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රේමනාත් සී දොලවත්ත, කපිල අතුකෝරාල, ජානක තිස්ස කුට්ටිආරච්චි, සහන් ප්‍රදීප් විතාන ශාන්ත බණ්ඩාර, චරිත හේරත් , ලලිත් වර්ණ කුමාර, සමන්ප්රිය හෙරත් අරුන්දික ප්‍රනාන්දු, ඉන්දික අනුරුද්ධ පියල් නිශාන්ත ද සිල්වා , නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන, ගයාෂාන් නවනන්දන, මධුර විතානගේ, පවිත්‍රා වන්නිආරච්චි කෙහෙළිය රඹුක්වැල්ල, ගාමිණී වලේබොඩ ඇතුළු මන්ත්‍රීවරු 53 දෙනෙක් ඇතුළත් වෙති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ආරම්භයක්... හැබැයි ඒ බත්පාර්සලේත් මන්ත්‍රීවරු, කාර්ය මණ්ඩලය ගෙදරදීම ඔතාගෙන ආවානම් තමයි වැඩේ සම්පූර්ණ වෙන්නේ.. ඡායාරූපය දැක්කාම නම් හිතෙන්නේ සංදර්ශනයක් කියලයි.
හම්මෝ දැන් ලොකු ගාණක් ඉතුරු වෙයි.
මුල සිටම අධික වියදම් අඩු කරා නම් රට මෙතරම් බංකළොත් වෙන්නේ නැහැ.
මෙච්වර කල් කාපු දේවල් හොඳටම ඇති. බොරු සෝබන... මේවාට කොහෙන් හිනා වෙන්නද මන්දා...?