
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් මත ගත් එකක් හෙයින් ආරක්ෂාව නැවත ලබාදීමටද ආණ්ඩුව තීරණයක් ගත යුතු බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කර ඇත.
ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ පක්ෂ නායකයන් සමග පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (31) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදීය.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කළේ ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් කිරීමෙන් අනතුරුව දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොලිස්පතිවරයාගෙන් එහිදී ප්‍රශ්න කර ඇත. කෙසේ වෙතත් පොලිස්පතිවරයා ඊට ප්‍රතිචාර දක්වා නොතිබුණු බව දැනගන්නට ඇත.
මෙහිදී අදහස් දක්වා අැති කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂාව ඉල්ලූ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් සියල්ල අදාල බලධාරීන්ට යොමු කර ඇති බවයි.
මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට අවශ්‍ය කටයුතු කරන්නැයිද කතානායකවරයා පොලිස්පතිවරයාට දැනුම්දී ඇත.
ඊට ප්‍රතිචාර දක්වා ඇති පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඒ සඳහා විසඳුමක් දෙන බවයි.
මෙම සාකච්ඡාවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, මුජිබර් රහුමාන්, සුජිත් සංජය පෙරේරා, සුජීව සේනසිංහ, ජගත් විතාන, දිලිත් ජයවීර, රවී කරුණානායක, රෝහිත අබේගුණවර්ධන මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද පොලිසියේ තවත් උසස් නිලධාරීහු කිහිප දෙනෙක්ද සහභාගි වූහ.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එහිදී පැය දෙකකට ආසන්න කාලයක් දීර්ඝව සාකච්ඡා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අම්බරුවන්ට ආරක්ෂාව පෞද්ගලිකව සලසගන්න කියන්න. ඕන නම් උපරිම පොලිස් නිලධාරීන් දෙන්නයි. ඒ වැඩිත් එක්ක. ජනතාවට සේවය කරන්න ආවනම් ඒක කරන්න. නැත්තම් ඇඬියාව නවත්තල ගෙදර යන්න.
පට්ට හොර දූෂිතයෝ, පාතාලේ එක්ක හාදකම් පවත්වපු උන් හොන්දටම බයවෙලා. හරියට ජීවත් වුණා නම් කිසිම ආරක්ෂාවක් ඕනෑ වෙන්නේ නැහැ. හොරාකාලා බඩවඩා ගත්තු අයට තමුන්ගේ වියදමින් ආරක්ෂාව සළසා ගන්න බැරිකමක් නැහැනේ...
නැති ප්‍රශ්න අලුතින් මවන එක තමයි ආණ්ඩුවක වගකීම, මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවක් අනවශ්‍යයි කියල තීන්දු ගත් එවුන්ම ආරක්ෂකයන් පිරිවරාගෙන සංචාරය කරන ඡායාරූප අප දැක්කා.