(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු නියෝජිතයෝ  පිරිසක්,  නවදිල්ලි සහ මුම්බායි හි අධ්‍යයන සංචාරවල නිරත වූහ.

පිරිස එම සංචාරයේ නිරත වූයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයකට අනුවය

ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර ජයමහ, මංජුල සුරවීර ආරච්චි, කේ. ඉලන්කුමාරන්, චතුර ගලප්පත්ති,  රවීන්ද්‍ර බණ්ඩාර,  අසිත නිරෝෂණ එගොඩ විතානගේ,  ශාන්ත පත්ම කුමාර සුබසිංහ,  නීතිඥ ගීතා හේරත්, කින්ස් නෙල්සන් , ධර්මප්‍රිය විජේසිංහ යන මහත්ම මහත්මීහුද   ආංශික අධීක්ෂණ කාරක සභා කාර්යාලයට අනුයුක්ත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් වන සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) කේ. පී. චන්දන, ප්‍රධාන නිලධාරිනී  එස්. ඩබ්ලිව්. ටී. ආර්. ද සිල්වා  සහ පාර්ලිමේන්තු නිලධාරිනී  ඩබ්ලිව්. කේ. ඒ. එම්. එම්. එම්.  අර්ථනායක  යන මහත්ම  මහත්මීහුද  ඇතුළත් වූහ

නියෝජිත කණ්ඩායම 2026 මාර්තු 22 වන දින නව දිල්ලි නගරයට පැමිණි අතර, ඊළඟ දින සිට නිල කටයුතු ආරම්භ කළේය. මෙම වැඩසටහනට  ඉන්දීය විදේශ ලේකම්වරයා සමඟ හමුවක් සහ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි ප්‍රේර්නා ස්ථල් හිදී පුෂ්පෝපහාරයක් සිදුකිරීමද ඇතුළත් විය.