(සුජිත් හේවාජුලිගේ සහ චමින්ද වැවතැන්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මහත්මියටද  කොවිඩ්  ආසාදනයවී ඇතැයි තහවුරු වීමෙන් පසු  ඇය නිවෙසේ නිරෝධායනයට යොමුවී  සිටින්නීය.

මේ අනුව කොවිඩ්  ආසාදිත  මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ යනු ඇත. සුළු රෝග ලක්ෂණ  කිහිපයක් මතුවීම නිසා ඇය  කොවිඩ්  පරීක්ෂණයකට යොමුවී ඇත.

ඇයට කොවිඩ්  ආසාදනයවී ඇතැයි තහවුරුවී  ඇත්තේ එම පරීක්ෂණයේදීය. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී වික්‍රමසිංහ මහත්මිය පැවසුවේ තමාට කොවිඩ්  ආසාදනයවී ඇති බවට තහවුරුවී  ඇතත්  බරපතළ තත්වයක් නොමැති බවයි.

තමා එන්නත් මාත්‍රා තුනම ලබාගෙන සිටින බවද ඇය කීවාය. රාජිකා වික්‍රමසිංහ  මහත්මිය  පාර්ලිමේන්තු රැස්වීම්වලටද  ඉකුත් සතියේදී සහභාගී වූවාය.

කොවිඩ්  ආසාදිත පාර්ලිමේන්තු  සේවකයෝ සියයකට ආසන්න පිරිසක් පසුගිය සති කිහිපයේදී  සොයා ගනු ලැබූහ.