
(නිහාල් වෙත්තසිංහ)
පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පසුගියදා පැවැති සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාදුක්ක ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවේ සභාපති ජගත් කුමාර සුමිත්‍රා ආරච්චි මහතාගේ නිල රථයට කුණු බිත්තර ගැසීම සහ හූ කීමට එරෙහිව අද (09) ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි.
පාදුක්ක සමෘද්ධි සංවර්ධන නිලධාරීයෝ සහ සමෘද්ධි සාමාජිකයෝ මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූහ.
ඉකුත් 07 වැනිදා පැවැති සම්බන්ධිකරණ කමිටුව පැවැත්වීමෙන් අනතුරුව පිටව යද්දී රැස්ව සිටි පිරිස් මන්ත්‍රීවරයාට හූ කියමින් විරෝධතාව දක්වා නිල රථයට කුණු බිත්තර ප්‍රහාර එල්ල කර තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් බත් බැලයෝ ටිකක්. රටේ දැවෙන ප්‍රශ්ණයකට කෝ ඔය හාදයෝ ටික උද්ඝෝෂණය කළාද ?..
වහල්ලු...
පින්තූරයේ මී හරක් රංචුවක් ඉන්නවා දැක්කා.
සාධාරණ ඉල්ලීමක්.. වැදගත් වූ ඒ මහතාට.... ? ඇයි අපිටත් හොඳ නැද්ද?
ඔය නිල රථවලට මිනිස්සු කුණු බිත්තර නොවේ ගල් ගහන දවස වැඩි ඈතක නොවේ. ඔය ප්‍රශ්න වහන්න ආණ්ඩුව සංවර්ධන සභාවලට මාධ්‍ය තහනමක් පැනවූවා.
සුදුස්සාට සුදුසු දෙයක් ලැබිච්ච වේලාවක් කියලා හිතෙන්නේ මට විතරද?
කුණු බිත්තර නොවේ ගහන්න තිබ්බේ... අසූචි...
මේ තමයි සුමාන දෙකට හාල් කිලෝ 3 සහ ඉතිරි වේල් ගණන පුන්නක්කු වලින් පිරිමහගෙන ජීවත් වෙන හරක් ටික...
වහල්ලු ටිකට හරි අමාරු ඇති ..කුණු වැඩ කරන අයට කුණු බිත්තර ගැසීම පටන්ගැනීමක් වෙන්ඩ ඇති .