( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
2015 ජනාධිපතිවරණ සමයේදී රත්නපුර කහවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඩුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනකු එම දඩුවම ඉවත් කොට තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු ඇති අභියාචන පෙත්සම ලබන නොවැම්බර් මස 25 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (04) දින නියම කළේය.
මෙම අභියාචන පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරු සිංහ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.
එහිදී පෙත්සම මෙදිනට සලකා බැලීමට විනිසුරු මඩුල්ල දින නියම කරන ලදී.
2015 වර්ෂයේ ජනාධිපතිවරණය අතරතුර කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට හානි කර ශාන්ත දොඩංගොඩ නමැත්තා වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුලූ විත්තිකරු වන් තිදෙනෙකු ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.
එහි තීන්දුව 2020 ජූලි මස 31 ලබා දෙමින් රත්නපුර මහාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් වැරදිකරුවන් බවට තීරණය කරමින් මරණ දඩුවම නියම කළේය.
එකී නඩු තීන්දුව දෝෂ සහිත බැවින් එය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනා මෙම පෙත්සම ගොනු කළහ.
අභියාචන පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරු වන නලීන් ලද්දුවහෙට්ටි, අනූජ ප්‍රේමරත්න, නීතීඥ බුද්ධික චන්ද්‍රසේකර, යන මහත්වරු පෙනී සිටියහ.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ සුදර්ශන සිල්වා පෙනී සිටියේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අතරේ අවශ්‍ය කට්ටිය නිදහස් කරගත්තාට ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ මිනිස්සු මත්වෙලා දැන් ඉන්නේ...
එතුමා කිසි වැරුද්දක් කරලා නෑ. ඒකනෙ පාර්ලිමේන්තුවෙත් වාඩි කෙරෙව්වේ. ඉතින් අය මොන කතාද? සෙල්ලං තුවක්කුවක් පත්තු උනා විතරයිනෙ.
ගෞරවාන්විතව නිදහස් වුනේ නැත්නම් ලෝක පුදුමයක්
ඒ කියන්නේ එයත් නිදහස්.
ඕකට විනිසුරු මඩුල්ලක් ඕන නෑ .
නඩුවේ අහන්න දෙයක් නැහැ.
නිදහස් වෙයි වගේ.
සත්‍ය වශයෙන්ම වරදක් කරලා ඇත්නම් ස්වභාව ධර්මයෙන් හරි කවදා හෝ දඩුවම් ලැබේවි
තිරණය කලින්ම අපිට කියන්න පුළුවන්.