
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30 කට වැඩි පිරිසක් තමන්ට ලැබුණු මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවල ඥාතීන්, හිතවතුන්, හිටපු මන්ත්‍රීවරුන් සහ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් පදිංචිකරවා ඇතැයි වාර්තා වේ.
මන්ත්‍රී නිල නිවාසවල පිටස්තර අය පදිංචි නොකරන ලෙස පාලිමේන්තු ප්‍රධානීන් මේ අනුව සියලු මන්ත්‍රීවරුන්ට පසුගියදා යළි කැඳවීමක් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.
මේ අතර ඇමැතිවරුන් ලෙස ලැබෙන නිල නිවාස ලබා ගෙන සිටියදී මාදිවෙල මන්ත්‍රී නිල නිවාසද ලබාගෙන සිටින ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇත.
සමිට් නිවාස සංකීර්ණයේ නිවාස ලබාගෙන සිටින ඇමැතිවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ලබා ගත නොහැකි වන අතර සමිට් නිවාස සංකීර්ණයේ නිවාස නැති ඇමැතිවරුන්ට පමණක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ලබා ගත හැකි වේ.
සමිට් නිවාස සංකීර්ණයේ නිල නිවාස ලබාගෙන ඇති ඇමැතිවරුන්ගේ ලයිස්තුව බාර දෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයයෙන් කාලයක් තිස්සේ ඉල්ලීම් කළත් ඔවුන් එය මේ දක්වා ලබාදී නැතැයි වාර්තාවේ.
පාර්ලිමේන්තු ප්‍රධානීන් ඒ වාර්තාව ඉල්ලා ඇත්තේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ලබාගෙන සිටින ඇමැතිවරුන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහාය.
මේ තත්වය නිසා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාදවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැත්ත බුරුත්ත පිටින් හැඳිගෑවිලා යන්න කියලා මිනිසුන් සාප කරන්නේ ඔය හින්දා තමයි. කරන තරමක් ජඩවැඩ, බලුවැඩ කරන්නේ ඔය රොත්තම තමයි.
එයින් කියවෙනවා නිවාස දීලා තියෙන්නේ අනවශ්‍ය අයට කියලා. ඒවා පරීක්ෂා කර ආපසු ගැනීමට හෝ නැත්නම් ප්‍රදේශයේ පවතින මිල ගණන් යටතේ මන්ත්‍රීලාගේ වැටුපෙන් අයකරන්න නොකරන නිලධාරින් සිටියි නම් ඔවුන් රාජකාරිය පැහැර හැරි අය ලෙසට සලකන්න.
වැඩි වැඩ ඕනෑ නැහැ.. ඕවායේ ඉන්න අයටත් දිගටම නෙලාගෙන යන්න. එතකොට එළිවෙයි කාගෙද කියලා... මේ වෙලේ මන්ත්‍රී කෙනෙක්ගේ පවුලේ හෝ නඩයක් මිත්‍රයෙක් වෙන එකත් ගුටිකෑමට සුදුසුකමක්...
ශ්‍රී ලාංකික ජනතාව තමන්ගේ ඥාණය, බුද්ධිය, නිසිලෙස පාවිච්චි නොකර, හිතැඟියාවට මුල්තැන දෙමින්...!
ඉතින් ඒගොල්ලන්ට එහාට ගිහිල්ලා පරීක්ෂණයක් කෙරුවොත් පදිංචිකරුවන්ගේ විස්තර ලේසියෙන්ම ගන්න පුළුවන්නේ... මේ ගොල්ලොත් බොරුවට හොරගල් අහුලනවා. පළාත් පාලනයට චෝදනා කරකර..