
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ආරක්ෂාවට යොදවා සිටින ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සහ තවත් පුද්ගලයන් තිදෙනකු ත්‍රීරෝද රථයකින් ගංජා පාර්සල් තුනක් ප්‍රවාහනය කරමින් සිටියදී ඔක්කම්පිටිය නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව ඔක්කම්පිටිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ආරක්ෂක නිලධාරියකු යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මොනරාගල කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරියකුට ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකර ගංජා සමග මෙම සැරයන්වරයා ඇතුළු තිදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ බයවෙන්න දෙයක් නෑ පුතා මේක ලංකාවනේ... අපි ගංජා අල්ලපු එකාව හිරේ දාමු...
පොලිසියෙන් අල්ලන ගංජා අදින්නෙත් පොලිසියෙන්ම තමයි...
ඩයනා... කෝ මේ ඩයනා...?