
(සුජිත් හේවාජුලිගේ)
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති රැස්වීමට මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා ජිනීවා නුවර සිට සහභාගි වූයේ සූම් තාක්ෂණය ඔස්සේය.
රැස්වීමේ කටයුතු සිදුවන අතරවාරයේ කතානායකවරයා රාමනාදන් මන්ත්‍රීවරයා කතාබහට සම්බන්ධ කරගත්තේය.
" කතානායකතුමනි, මගේ ජීවිතයටත් තර්ජනයක් තියෙනවා. ඒ කාගෙන්වත් නොවෙයි. මට තර්ජනය තියෙන්නෙ මේ ආණ්ඩුවෙන් පොලිසියෙන් ඒ වගේම කතානායකතුමාගෙන්"
අර්චුනා කියාගෙන කියාගෙන ගියේ මහ සද්දෙනි.
ඔහුගේ මේ කතාවෙන් මුළු සභාවම සිනා සාගරයක් බවට පත්වීමට නම් වැඩි වේලාවක් ගතවූයේ නැත.
මෙහිදී කටහඬ අවදි කළ කතානායකවරයා " අර්චුනා මන්ත්‍රීතුමා ඔයාට මගෙන් තියෙන තර්ජනය මොකක්ද. මම දන්න තරමින් නම් මම ඔයාට කිසිම කරදරයක් කරලා නෑ" යනුවෙන් පැවසුවේ මහ හඬින් සිනාසෙන ගමන්ය.
මේ අර්චුනාය.
" කතානායකතුමා ඔබතුමා තමයි මට ලොකුම තර්ජනය. ඔබතුමා හැම වෙලාවෙම මම සභාවේ ඉද්දි මගේ මයික් එක ඕෆ් කරනවා. මට කතා කරන්න දෙන්නෙම නෑ. ඒක තමයි මට ඔබතුමාගෙන් තියෙන තර්ජනය. ඒක කියන්නත් එක්ක තමයි මම මේ ජිනීවා ඇවිල්ලා ඉන්නේ"
අර්චුනා එසේ කියද්දී සියල්ලන් යළිත් සිනාසුණේ බඩවල් අල්ලාගෙනය.
මන්ත්‍රී අාරක්ෂාව පිළිබද සාකච්ඡාව බැරෑරුම්ව යන අවස්ථාවක අර්චුනාගේ එ් කතාවෙන් සියලු දෙනාටම යම් සැහැල්ලුවක් ලැබුණු බව මන්ත්‍රීවරු කීපදෙනෙක් අප සමග පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයගේ විනාශේ ඕක තමයි. ඕනෙම දේකට හිනාවෙලා අමතක කරලා දෙනවා. අර්චුනා ජිනීවා ගිහින් කියනවද දන්නේ නෑ එයා දෙමළ නිසා මයික් එක ඕෆ් කරනවා, කතා කරන්න දෙන්නේ නැහැ කියලා. එහෙම කෙනෙක් මෙයා.
අර්චුනා වගේ ආයේ නොහිටින්න පාර්ලිමේන්තුව පවුලට ගිහින් හොල්මන් ගෙයක් වගේ තියෙයි නිහඬව සීටිමේ අපරාධයක්
මෙයා මටත් වඩා විකාර කියන්නේ...
ඔව් ඵහෙම තමයි වෙන්නේ. එම රටවල් ඵවැනි දේවල් කෙරෙහි බලන කෝණය බෝහෝ වෙනස්. මානව හිමිකම් කඩකිරීම් ලෙස සලකනවා...