( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරුකිරීම සඳහා මේ මස 30 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.
එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වමින් වගඋත්තරකරුවන් වෙත නොතීසි දන්වා යවන්නැයි ද අභියාචනාධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන්නේය.
මෙම පෙත්සම අද (26) අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිමිකම් සමුලුවේ යෝජනා මේ වගේ අධිකරණයේ ස්වාධීනත්වය කෙලසීම නිසා, කවුරුත් හිතන්න එපා යෝජනාවල තියෙන්නේ රණවිරුවන්ට එරෙහි ඒවා පමණක් කියලා, පිටු දෙකයි.. ඒවා ගැන පිටු 15ක් රාජපක්ෂවරු මේ සුළු කාලය තුල කරපුවා. කරුණාකර මේ බවට ජනතාව දැනුවත් කරන්න. රාජපක්ෂගේ බල තෘෂ්ණාවට රටේ ජනතාව දුකට පත්නොනොවිය යුතු බව...