(ඉන්දිකා රාමනායක)

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වූ  මාකදුරේ මදුෂ් ගේ ගෝලයෙකු කේරල ගංජා තොගයක් සමග විශේෂ කාර්ය බළකාය මගින් නවගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මදුෂ් සමග ඩුබායි  රාජ්‍යයේදී මීට පෙර   අත්අඩංගුවට පත්ව   මෙරටට පිටුවහල් කළ පුද්ගලයකු බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරු කුඩා ලොරි රථයකින්  පොල් අලෙවිi කරන මුවාවෙන්  උතුරු ප්‍රදේශයට ගොස්.කේරල ගංජා තොග වශයෙන් රැගෙන එන බවත් යාපනය සිට කොළඹ දක්වා ඔහු මහා පරිමාණයෙන්  කේරළ ගංජා බෙදා හරින බවත් විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව  නවගමුව ප්‍රදේශයේ දී ඊයේ (11) රාත්‍රියේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ ලොරියේ  කේරළ ගංජා කිලෝ 15ට අසන්න ප්‍රමාණයක් තිබී ඇත.