(ආනන්ද ඉ ජයකොඩි)
මධ්‍යම අධිවේගී මාර්ගයේ තනාගෙන යන මාර්ග කොටසක තිබූ රුපියල් හාර ලක්ෂ අසූ හය දහසක් වටිනා යකඩ තොගයක් සොරා ගෙන ගොස් විකුණා ඇති බව කියන චීන ජාතිකයෙකු අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ ප්‍රදේශයේ තනා ගෙන යන මාර්ග කොටසක තිබු රුපියල් හාර ලක්ෂ අසූ හය දහසක් පමණ වටිනා යකඩ තොගයක් සොරා ගෙන ගොස් ඇති බවට එහි ඉදිකිරීම් සමාගමක පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා එහි සේවයේ නියුතු චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව ද පොලීසිය කීය.
එසේ සොරා ගෙන ගොස් ඇති යකඩ තොගය වටද්දර ප්‍රදේශයේ ස්ථානයකට විකුණා තිබියදී සොයා ගැනීමට හැකි වූ බව වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතා පැවසීය.
අත් අඩංගුවට ගන්නා ලද සැකකාර චීන ජාතිකයා ඉදි කර ගෙන යනු ලබන අධිවේගී මාර්ග කොටසේ සේවය කරන්නෙකු බවට වැඩිදුරටත් කරන ලද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
2025 නොවැම්බර් මස 04
357
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2157
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1636
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මධ්‍යම අධිවේගයේ යකඩ සොරාගත් චීන ජාතිකයා මාට්ටු