
(නිමල කොඩිතුවක්කු)
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජිත බිමෙහි පිහිටි ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වන කෲඩියා සෙලනිකා ශාකය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්යක්ෂ ඩබ්ලිව්. කේ කොඩිතුවක්කු මහතා ලංකාදීපයට පැවැසීය.
අදාල ශාකය මුලපිටින් උදුරා වෙනත් ස්ථානයක යළි සිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.
වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, පේරාදෙණිය උද්භිත උද්‍යානය හා මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතනවලින් මේ සඳහා අනුමැතිය හිමිව ඇති බව ද ඔහු පැවසීය.
ලොව දැනට ඉතිරිව ඇති දුර්ලභම ශාකයක් බවට මෙම ශාකය හඳුනාගෙන ඇත.
මෙම ශාකය මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජිත බිමෙහි දාරළුව දුම්රිය ස්ථානයට නුදුරු ඉඩමක ඇති අතර මෙම ශාකය ඉවත් කිරීමට ගම්පහ දිසා වන නිලධාරී කාර්යාලය විරෝධය පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මාර්ග ව්‍යාපෘති අධ්යක්ෂ හිතන් ඉන්නේ මේ දැවැන්ත ගස ගලවා ගෙනිහින් හිටවන්න පුංචි පැලයක් කියා වෙන්න ඇති. දිසා වන කාර්යාලයේ උගත් නිලධාරිනිය පෙන්වා දුන්නේ මේ වටිනා වෘක්ෂය ලොව නොමැති ලෙස රතුදත්ත ලේඛනයට ඇතුළත්ව ඇති බවයි. දැනට ලොවට ඇති එකම මේ ගස පුංචි පැලයක් සේ ගලවා ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් ගස මියගියහොත්, එහි වගකීම ගන්නේ කවුරුන්ද යන්න ඉහත නිලධාරීතුමිය ප්‍රශ්න කොට සිටියාය. ඉහත මාර්ග නිලධාරියාගේ නොදැනීම ගැන අපද කණගාටු වන්නෙමු. පෙරදී කතිකාවී ඇත්තේ ගස හා අවට පරිසරය එසේම තබාගෙන මාර්ගය ඉදිකිරීමටයි. එසේ තිබියදීත්, නිලධාරිනියද හොරෙන් අවට ගස්කපා මේ ගසද ගැලවීමට කටයුතු කොට ඇති බවයි. එතුමිය ගස ගැලවීම නවතා ඇත්තේ එතනට යාමෙනි. ලොවින් සමුගෙන ඇතැයි රතු ලැයිස්තුවේ සඳහන් වටිනා වෘක්ෂයක් මෙසේ විනාශ වීමට පරිසරය තමන් ආරක්ෂා කරන්නේ යැයි නිදහස් දිනයේ පැවසූ ජනපතිවරයා හෝ ඉදිරිපත්ව ආරක්ෂා නොකිරීම සැබැවින්ම අවාසනාවකි. ජනපතිතුමනි, මෙය ඔබතුමාගේ අවධානය පිණිසයි...
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජිත බිමෙහි පිහිටි ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වන කෲඩියා සෙලනිකා ශාකය එම ස්ථානයෙන් ඉවත් නොකර එම මාර්ගයේ වෙනසක් කිරීමට නොහැකි මන්ද? වසර ගණනාවක් පුරා එම පරිසරය පස සමග බද්ධව ගොඩනැගුණු මෙම ශාකය මුලපිටින් උදුරා වෙනත් ස්ථානයක යළි සිටුවීම අනුවණ ක්‍රියාවකි. අධිවේගය ඉදිකරන සමාගම සහ මෙම මහාමාර්ග සැලසුම් කරුවන් මෙවැනි පරිසර හිතකාමී නොවන තීරණ නොගෙන යෝජිත මාර්ගය එම ශාකයෙන් මීටර 100ක් - 200ක් පමණ මාර්ගයේ වෙනසක් කිරීමට කටයුතු කළ යුතුවේ. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, පේරාදෙණිය උද්භිද උද්‍යානය හා මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතනවලින් මේ සඳහා අනුමැතිය හිමිව තිබුණද මෙම ශාකය ඉවත් කිරීමට යාමේදී එම ශාකයට මුල් පද්ධතියට වන හානිය සහ එම ශාකය සෙලවීම නිසා සහ මෙම ශාකය මෙම පරිසරය සමග බද්ධව ඇති නිසා ඉවත් නොකළ යුතුවේ. මෙම මාර්ගය ඉදිවීමෙන් පසු මෙම පරිසරයට මෙම ශාකයෙන් ලැබෙන පරිසර හිතකාමී බව සහ සුන්දරත්වය කියා නිමකළ නොහැක. ලොව දැනට ඉතිරිව ඇති දුර්ලභම ශාකයක් බවට මෙම ශාකය හඳුනාගෙන ඇත...
මේ සටහන ලියන්නේ ගස ඉවත් කිරීමට පක්ෂව නොවේ. එහෙත් යන්ත්‍ර මගින් විශාල ගස් ගලවා වෙනත් තැනක සිටුවීම සිදුවන අවස්ථා කටුනායක ගුවන් තොටුපළ තුළ සිදුවෙනු මම දුටුවෙමි. එලෙසම මෙම තාක්ෂණය ලංකාව තුළ තිබෙන බවද දනිමි.
මේ කට්ටියම තමයි ගාලු මුව දොර මහ පාර අයිනේ ලොකු තල් ගස් ගෙනැල්ලා පේලියක් හිටෙව්වේ. අන්තිමට කෝ දැන් ඒ තල් ගස්. ඔක්කොම මැරිලා ගියා. වන සංරක්ෂණය එක විෂයයක්, මහාමාර්ග ඉදිකිරීම වෙන විෂයයක්.
මේ වගේ අය ලංකාවෙත් ඉන්න බව අපි දන්නවා. නමුත් ඒ හරක් වැඩේ කරන්න දෙන්න බුද්ධිමතුන් ඉඩදිය යුතු නැහැ. මේ කියන ආයතනවල ඉන්න අය අරගෙන තියෙන්නේ ෂුවර් එකටම හොර උපාධි. නැත්නම් කාගේ හරි බලපෑමකට නොකළ යුතු දෙයක් කරනවා. මේ හැටි සුවිසල් ගස් ගලවා නැවත රෝපණයට විශාල තාක්ෂණික ඥාණයක් තියෙන්න ඕනෑ. සාමාන්‍ය කෘෂිකර්මයවත් නගා සිටවන්න බැරි, වනාන්තර රැකගන්න බැරි කෘෂි හා වන රක්ෂණයේ අය මෙවැන්නක් කරන්නේ කොහොමද? මේ කරන වැඩෙන් මේ ශාඛය විනාශ වුවහොත් ඒ සියළු දෙනාට විරුද්ධව නඩු පැවරිය යුතුයි.
කොන්ද පණ තියාගෙන පරිසරය රැකගන්නවා වගේම තම රාජකාරිය හරියටම කරන දේවානි වගේ නිලධාරින්ට තමා මොලේ තියෙන ජනපති කෙනෙක් විශේෂ සහයෝගය දෙන්න ඕනේ.. එහෙම නැතුව රට කන අයට නොවෙයි.