
( තිලකරත්න දිසානායක)
සුවසැරිය සේවක සංගමයේ සභාපති , උප සභාපති සහ උප ලේකම් යන තිදෙනාගේ සේවය අත්හිටුවා ඇති බව එම සංගමය පවසයි.
සුවසැරිය-" 1990 - " ගිලන්රථ සේවක , සේවිකාවන්ට පවතින අඩුපාඩු සම්බන්ධයෙන් අදාල අංශයන්හි අවධානය පිණිස මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම හේතුවෙන් මෙම අත්හිටුවීම කැ ඇතැයි දැනගනනට ඇත.
එම ගිලන්රථ සේවාවෙහි දිවයින පුරා නිරතව සිටින 1364 ක් පමණ වන සේවක , සේවිකාවන්ට ගිලන්රථ සේවාව පවත්වාගෙන යාම පිනිස රැදී සිටීමට සිදුව ඇති පොලිස්ථාන ඇතුලු ස්ථානයන්හි කිසිදු පහසුකමක් නොමැතිවීම , වැසිකිළි සෞඛ්යාරක්ෂිත පහසුකම් පවා නොමැතිවීම ඇතුලු පවතින ප්‍රශ්ණ ගැටළු සම්බන්ධයෙන් පසුගිය 24 වෙනිදින මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම මත සංගමයෙහි නිලධාරීන් තිදෙනෙකුගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බව එම සංගමයේ සභාපතිනී මයුමී ප්‍රියංගිකා වීරසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
මෙම තිදෙනාගේ සේවය අත්හිටුවීමට අදාලව, 1990 - සුවසැරිය සේවාවේ මානව සම්පත් කළමණාකාරවරයාගේ අත්සනින් යුත් ලිපිය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විසින් ඊයේ (25) රාත්‍රී 8 ට පමණ ලබාදීම සිදු කළ බව සංගමයේ සභාපතිනිය සදහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් අහිංසකයෝ ටිකක්...
මෙහෙම ගොන් තීරණ ගත හොත් යහපලකයන්ට සිදු වූ දෙයම මෙම රජයටද නුදුරේදීම සිදු වනු ඇත .. සිදු විය යුත්තේ කට වැසීම නොව ගැටළු හඳුනාගෙන විසඳම් සැපයීමයි.
වැරදි අඩුපාඩු ගැන කතා කරද්දී පාලකයින්ට තරහ යන්නේ ඇයි? පුලුවන් නම් මේ වටිනා සේවයත් විනාශ කරලා දාපල්ලා. කොහොමත් ඒ කාලේ ඉඳන්ම රාජපක්ෂලා සහ වහල්ලු සුවසැරියට විරුද්ධයිනේ....
මෙම සේවකයින්ගේ ප්‍රකාශය 100%ක් නිවැරැදියි. මොවුන්ගේ වැඩ තහනම් කිරීම පසෙක තබා අවශ්‍ය පහසුකම් සලසා දෙන්න. නිලධාරීන් කරන මෝඩ වැඩ නිසා රජය අපහසුවට පත්වෙනවා.
මේක වෙන්නේ රජයේ කුමන්ත්රණයකින් වෙන්න ඕනෑ. 1990 සුව සැරිය ජනතාව අතර හරි ජනප්‍රියයි. ඒ වගේම ජනතාව පහුගිය රජයට ප්‍රසිද්ධියේම ස්තූති කරනවා,.. ප්‍රශංසා කරනවා. මේක 1990 පෙන්නලා හැමතිස්සේම මුහුණු පොතේත් දානවා මොනවද මේ රජය කරන්නේ? අන්න පහුගිය රජයෙන් කරපු 1990 එක සුපිරියි කියලා.. මේ නිසාම මේ රජයෙන් අනිවාර්යයෙන්ම මේක කඩාකප්පල් කරලා වහලා දාන්න වෙන විදිහට වැඩේ සෙට් කරනවා... ඇතුළෙන්ම ගොට්ටෝ දෙතුන් දෙනෙක් අල්ලගෙන...
මෙන්න නන්දසේනගේ පාලනයේ හැටි.. රට නැතිම කරලා. නිදහස නැතිම කරලා තමයි නවතින්නේ. සහෝදර සමාගම රට කාලා ඇමෙරිකාවට යයි. අපිට තමයි විඳවන්න වෙන්නේ.... හෙළයන්ට පෙරට එන්න කාලය හරි වගේ...