බිමල් ෂ්‍යාමන් ජයසිංහ
රාමසාන් උපවාසය නිමිත්තෙන් කෝටිපති ව්‍යාපාරිකයකු මාලිගාවත්ත ජුම්මා මස්හිද් පාරේ ගබඩා සංකීර්ණයක මුදල් බෙදා දීමට යාමේදී කාන්තාවන් තිදෙනෙක් තෙරපී මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයන් 7 දෙනා කොළඹ අලුත්කඩේ අංක 4 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 04 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජි ද සිල්වා මහත්මිය නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ වාහන අමතර කොටස් අලෙවි කරන කෝටිපති ව්‍යාපාරිකයකු වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සරූක් මොහොමඩ් ඉමිතියාස් ,ඔහුගේ පුතා වන මොහොමඩ් ඉමිතියාස් මොහොමඩ් නසීර් ,දෙහිවල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වාන් ,මාකුඹුර පදිංචි රාමලිංගම් යෝගේශ්වරම් ,නුවරඑළියේ පදිංචි මුබාරක් සංතුස් ,ලිදුල පදිංචි මරදමුත්තු ස්වාබලම් ,මට්ටක්කුලියේ පදිංචි ඉමාර් පාරුක් අහමඩ් යන අය වරුන්ය.
ප්‍රධාන සැකකරු වන කෝටිපති ව්‍යාපාරිකයා පුද්ගලයන් අතර බෙදා දීම සදහා රැගෙන විත් තිබූ රුපියල් දාහේ කොළ පන්සියයක් එනම් ලක්ෂ 5 ක මුදලක් ද බාරයට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාලිගාවත්ත ජුම්මා මස්ජිත් පාරේ සහ ලක්සිත සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචි කාරියන් වන මොහොමඩ් ෆවුනියා නිසා (59) ,උමා අකිලා (61) ,මොහොමඩ් ෆරීනා මුසම්මිල් (68) යන තිදෙනායි.
සිද්ධිය වූ ස්ථානයට ඊයේ සවස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය පැමිණි මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් චේතනාවකින්, පුණ්‍ය කර්මයක් කරන්නට ගියත්, නොසිතූ ලෙස කී දෙනෙක් නම් විපතට පත් වුණාද? මෙවැනි දේවල් සංවිධානය කරන අනෙකුත් පිරිස් වලටත්, සිතීමට යමක් මෙම සිදුවීම් වලින් ඉතිරිව ඇතැයි කියා නොසිතන්නේ කවරහුද?
ඔවුන්ගේ ආගමික වැඩකදී ඔවුන්ගේ මුදල් බෙදුවාට වරදක් නැත. මෙය හොරෙන් නොකොට නිරෝධායන නීතිරීති වලට අනුකූලව කළා නම් හරිනේ. දැන් අපරාදෙ කරදරවල පැටලුනානේ. ඒත්, පොඩි සැකයක් මතුවෙනවා. ප්‍රසිද්ධියේ දෙන්න බැරි මේ මුදල් වෙනත් රහසිගත ත්‍රස්ථ අරමුදල් වලින් එන ඒවාද දන්නේ නැහැ. ඒ බව ස්ථිරවම කියන්න බැහැ... ඒත්, බොහෝ ධනවතුන් කරන පරිත්‍යාග ආදායම් බද්දෙන් නිදහස්... එය එසේ තිබියදීත්, මෙසේ අවසර නොගෙන බෙදීම ඔවුන්ට ප්‍රශ්ණ ඇතිකරවන්නක්... ඒ කෙසේවෙතත්, අධික සැප සම්පත් භුක්තිවිඳිමින් කාමසුකල්ලිකානු යෝගයෙන්ම නිවනට පාර සොයන අසරණ බෞද්ධයෙකුට උපකාරයක් නොකරන අපේ අයට වඩා මේ අන්‍ය ආගමික මිනිසුන් හොඳයි නේද?
මේ යක්කුන්ගෙ ඔළු කෝ..? මොල කෝ..?
මෙය සමාජ සත්කාරයක් කියලා කියන්න අමාරුයි. මුදල් බෙදන්නේ ඒ අයගේ කට්ටියට විතරක් නිසා.
මේක වඳින්න ගිය දේවාලේ ඔළුව උඩට කඩන් වැටීමක් වගෙයි නේද?