(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වන විට ලංකාවේ ද්‍රවශීලී සංචිතය මිලියන 50ක් වත් නැතැයි මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අවුරුදු දෙකකින් වත් මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න හැකි වේ යැයි මම නම් හිතන්නේ නැහැ. අවුරුදු දෙකකින් ප්‍රශ්න විසඳන්න හැකි වේද අවුරුදු දහයක් දොළහක් ගත වේ දැයි යන්න තීරණය තිබෙන්නේ අපේ අතේමයි.
බදු වැඩි විය යුතු කාලයක අප බදු අඩු කළා.එය ඉතිහාසයේ වරදක් බව මා පිළිගන්නවා.බිලී පිත්තක් දෙනවා වෙනුවට දෙනවා වෙනුවට මාළුවෙක් දීමේ අවසන් ඵලය දැන් අප භුක්ති විදිනවා. මේ වන විට මෙරට ද්‍රව ද්‍රවශීලී සංචිතය මිලියන 50ක් වත් නැහැ.
හැබැයි ගිය අවුරුද්ද දෙකේ බිලියන 8 ක ණය ගෙවා තිබෙනවා.පසුගිය වසර වන විට වනවිට සංචාරක ආදායම මිලියන දෙසීය දක්වා කඩා වැටුණා.කොරෝනා නිසා ප්‍රශ්න රාශියක් ඇති වුණා.මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුව තිබුණා.
සියලු රජයයන් යැපුම් මානසිකත්වය මත කටයුතු කළා. මෙ කාලයක් තිස්සේ ණය බරිත කිරීමේ ප්‍රතිඵලයයි.අපේ කාලයේත් වැරදි ප්‍රතිපත්ති මේ තත්ත්වය ඇති වීමට උදව් කළා.යනුවෙන්ද මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්මන් ජනාධිපතිගේ දුර්වලකම්, නොහැකියාව ඇතුළු අඩුපාඩු සේරම දැන දැන ඇයි තවදුරටත් මේ ජනාධිපතිට මුක්කු ගහන්නේ? ඔයා කියන එම බදු අඩුකිරීමෙන් පසුව තමයි, ඔයා 20වැනි සංශෝධන සභාගත කරලා, සම්මත කරලා දුන්නෙත්... ඔයා රටට ආදරේ නම්, එදාම විරුද්ධ වෙන්න තිබුණා. ඔයාත් රටට කරන්නේ ද්‍රෝහීකමක්...
අගමැතිකම සරත් ෆොන්සේකාට දිය යුතුයි. මේ වෙලාවේ මා දකින හොඳම සුසංයෝගය එයයි.
ඔබතුමාත් මේ දේවල් දැනදැනත් පවුල් පාලනේ උදවිය රැකගන්න වැඩ කෙරුවා. දැන් කයිවාරු ගැහැව්වට වැඩක් නැහැ.
සර්ගේ යාළුවන්ට කියලා හොරාකාපු බදු සල්ලි ටික ආපහු ඉල්ලා ගන්නකෝ...
ඔබලාගේත් වැරදි මාරාන්තික තීරණ වලට වන්දි ගෙවන්නේ අද අහිංසක ජනතාව.ඔබලා රෙදි ඇඳගෙන කොහොමද කතා කරන්නේ?
මේ අර්බුදයට ප්‍රධාන හේතු දෙකක් ලෙස විදේශීය මාධ්‍ය පෙන්වා දෙන්නේ, රජය පත්වුණු ගමන් සිදුකරපු බදු අඩුකිරීම සහ කෝවිඩ් වැනි අර්බුදයක් තිබියදී ඔලමොට්ටල තීරණයක් ගෙන පොහොර නැවත්වීම, මේ දෙකටම ජනාධිපති සහ අගමැති වගකිව යුතුයි.
එහෙම වැරැදි කරලත් තාම බලේ.. අයින් වෙන්න සූදානමකුත් නැහැ. ලැජ්ජාව සහ බය නැති වුණාම රෙදි නැතිව වුණත් ඉන්න පුළුවන් කියන්නේ ඔන්න ඕකට තමයි.
බදු අඩුකලේ යාළුවන්ට දෙන්න. දැන් එයාලගෙන් ගන්න. මේ රටේ ආර්ථිකයට ලොකුම විනාසේ කෙරුවේ අපිත් ඡන්දෙ දුන්නු මේ ආණ්ඩුව. දැන් ලෝකේ තුන්වෙනි හිඟන්නෝ අපි. මේ වගේ වෙලාවකවත් එකතුවෙලා ජාතික රජයක් ගෙනත් රට හදන්නයි, කාටවත් ඕන නෑ.
කවුරු මොනවා කිව්වත් මංගල සමරවීර මැතිතුමා කිව්වා වගේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන කාරණය පහුගිය කාලයේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ කඩවල් ගිනි තැබීම, වර්ජනය කිරීම හේතුවෙන් ඔවුන් තමන්ගේ මුදල් විශාල ගණන් පිටරටවල්වල ආයෝජන කළා. යුද්ධය කරපු කාලෙදීවත් කඩා වැටිච්ච ආර්ථිකේ මේ හේතුවෙන් කඩාවැටුණා. ඔවුන් මලයාසියාව, මලදිවයින, ඉන්දුනීසියාව, සිංගප්පූරුව වැනි රටවල්වල ආයෝජනය කළා..