
(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය ඉන්ධන පිරවුම්හලේ මැදිරිගිරිය මූලික රෝහලට අවශ්‍ය පරිදි ඉන්ධන ගබඩා කර නොමැතිවීම හේතුවෙන් රෝහලේ වැඩ කටයුතුවලට බාධා ඒල්ල විය.
විදුලිය විසන්ධි වන අවස්ථවේ රෝහලේ වැඩකටයුතු කරගෙන යාමට විදුලි උත්පාදන යන්ත්‍රයක් ඇති නමුත් ඒයට අවශ්‍ය ඉන්ධන අද දිනයේදී සපුරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් රෝහලට ඇතුලත් වන හදිසි රෝගීන් සහ ගැබිණි මවුවරුන් පොලොන්නරුව මහරෝහලට මාරු කර යැවීමට රෝහල් කාර්යය මණ්ඩලය කටයුතු කර ඇත.
රෝහලේ කාර්යය මණ්ඩලයේ පිරිසක් විදුලි උත්පාදන යන්ත්‍රයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට ඉන්ධන පිරවුම්හලට ගිය අවසථාවේ රෝහලට නොව පොලිසියට පමණක් ඉන්ධන ගබඩා කර ඇති බව පවසා ඇත ඒ් හේතුවෙන් මෙම තත්ත්වයඇති වූ බව නම හෙලි නොකල අයෙක් අපවෙත කීය.
ඒ් අනුව අද දිනයේ රෝහලේ සවස් කාලයේ රුධිර කාන්දුකරණයට යොමු වීමට සිටි රෝගීන් විශාල පිරිසක්ද නැවත නිවෙස් බලා යාමට රෝහල් කාර්යය මණ්ඩලය උපදෙස් ලබා දීම හේතුවෙන් රෝගීන් විශාල පිරිසක් පීඩාවට ලක්විය.
රාත්‍රි කාලයේ විදුලි විසන්ධි කළ අවස්ථාවේ හදිසි ප්‍රතිකාර ඒ්කකයට සාමාන්‍ය රෝගීන් ඇතුලත් කර ගැනීමේදී ඒම රෝගීන් පරික්ෂා කිරීමට රෝහලේ ගිලන් රථයේ විදුලි ආලෝකය ලබා ගත්බව රෝගියකු රැගෙන ආ ඥාතියෙකු ලංකාදීපයට කීය.
පවතින මෙම තත්ත්වය හමුවේ ජීවිතාරක්ෂක උපකරණ භාවිතය ඇණහිට ඇති අතර විවිධ උෂ්ණත්වයන් යටතේ ගබඩා කර තිබූ ඖෂධවලටද මෙය විශාල බලපෑමක් ඒල්ලව පවතී.
මේ හේතුවෙන් දැනට මැදිරිගිරිය මූලික රෝහලේ ගබඩා කර තිබූ ඖෂධ විශාල ප්‍රමාණයක් පොලොන්නරුව ප්‍රාදේශීය ඖෂධ ගබඩාවට යැවීමට රෝහල් කාර්යය මණ්ඩලය සමත්ව ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ පාදෙණිය?