
( තිළිණි ද සිල්වා )
මැදපෙරදිග රටවල් 6ක සිට පැමිණෙන ගුවන් මගීන්ට හෙට (01) සිට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ තාවකාලික තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කළ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටී.
කටාර්, ඕමාන්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ කුවේට් යන මැදපෙරදිග රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට කොවිඩ් වසංගතය හේතුවෙන් ජුලි 1 වන දා සිට ජූලි 13 වන දා දක්වා තාවකාලික තහනමක් පැනවීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය ඊයේ (29) තීරණය කළ අතර එම තහනම කොන්දේසි කිහිපයක් යටතේ අද (30) ඉවත් කළ බවද එම අධිකාරිය කියා සිටී.
ඒ අනුව එම රටවල සිට මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන් සතුව ආසාදිත නොවන බව තහවුරු කිරීමට පීසීආර් වාර්තාවක් තිබිය යුතු බවත් , අදාළ ගුවන් සමාගම මගියා ගුවන් යානයට ගොඩවීමට පෙර ඒ පිළිබඳ ව සොයාබැලිය යුතු බවද ගුවන් සේවා අධිකාරිය කියා සිටී.
එම පීසීආර් වාර්තාව රජයේ හෝ අනුමත කළ ආයතනයකින් ලබාගත යුතු අතර, ඊට අදාළ කිව්.ආර් සහ බාර් (QR/Bar ) කේත එහි සඳහන් විය යුතු බවද අධිකාරිය පෙන්වා දේ.
ගුවන් මගීන් ඉදිරිපත් කරන පරීක්ෂණ වාර්තාවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් ගුවන් සමාගම තෘප්තිමත් විය යුතු බවද , ඒසේම ගුවන් මගීන් ඉදිරිපත් කරන ඇන්ටිජන් පරීක්ෂණ වාර්තා පිළිනොගත යුතු බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය පෙන්වා දේ..
පිළිගත් සම්පූර්ණ වාර්තා ඉදිරිපත් කොට පැමිණෙන මගීන්ට මෙරට ඒමට අවසර ලැබෙන්නේ හෝටල් නිරෝධායනයට ලක්වීමට හෝ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ජෛව ආරක්ෂිත බුබුල සංකල්පය මත පමණක් බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ කොන්දේසි වල සදහන් වේ.
කෙසේවෙතත් ගපන 31 වනදා දක්වා ඇංගෝලාව, බොස්ට්වානා, ලෙසෙතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල් සිට පැමිණෙන මගීන් සඳහා පැනවු තහනම තවදුරටත් ක්‍රියාත්මක වන බවශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෝටල් නිරෝධායනය දින කීයකටද?
මම UAE වල. මෙහේ ලංකාවේ වගේ ගොං ජෝක් නැහැ. පාරවල් වල පවා අති නවීන තාක්ෂණය යොදාගෙන වාහන ධාවනය වන අතරතුර PCR පරීක්ෂණ ස්වයංක්‍රීයව කරනවා. PCR පරීක්ෂණ නොමැතිව ගුවන්තොටුපල ඇතුළටවත් යාමට නොහැකියි. උඹලට ඕන විදියට මෙහේ PCR පරීක්ෂණ ගන්න බැහැ. රජයේ අනුමත තැන්වලින් සහ ගුවන් සමාගම් අනුමත ආයතන වලින් පමණයි පරීක්ෂණ කළ හැකි වන්නේ. ඒ සෑම දෙයක්ම ඉතාමත්ම ක්‍රමානුකූලව මගියාව අපහසුතාවයට පත් නොවන පරිදි තමයි ඒ හැම දෙයක් සිදු වෙන්නේ. ඒ ඒ රටවල තානාපති කාර්යාලය සම්බන්ධ කරගෙන සොයා බලන්න එම රටවල PCR පරීක්ෂණ කෙරෙන්නේ කෙසේද කියා...
අර සීනි හා පොල්තෙල් ආනයනයේදී වුණා වගේ යටි අරමුණ ඉෂ්ඨ වෙන්න ඇති නේද?
ඒන්නත් දෙකම ගත් අයත් නිරෝධායනය අනිවාර්යද
පූර්ණ ලෙස එන්නත්කරණය අවසන් කළ අය අනිවාර්ය හොටෙල් සඳහා යොමු නොකර පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර ආසාදිතයකු නොවන බවට තහවුරු වුවහොත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ අධික්ෂණය යටතේ අනිවාර්ය නිවෙස් නිවාඩු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනිම නෙද සුදුසු?
ඉන්දියාව..,?