(තිළිණි ද සිල්වා සහ ටී.කේ.ජී.කපිල)
පසුගිය සති දෙකක කාලය තුළ මැදපෙරදිග රටවල් හයක සංචාරය කළ ගුවන් මගීන්ට ජූලි 01 වැනිදා සිට මෙරටට පැමිණිය නොහැකි බව ශ්‍රී ලංකා ගුවන් සේවය කියා සිටී.
ඒ අනුව සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේටය හා ඕමානයේ සංචාරය කළ ලාංකිකයින් ඇතුළු වෙනත් මගීන්ට මෙම තහනම පනවා ඇත.
එය ලබන 13 වැනිදා තෙක් බලපැවැත්වෙන අතර ඒ සම්බන්ධයෙන් සියලු දෙස් විදෙස් ගුවන් සමාගම් වෙත දන්වා ඇතැයිද එම අධිකාරිය කියා සිටී.
කොවිඩ් වැලැක්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් උපදෙස් අනුව සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම අසාධාරණ ලෙසට එකපාරට ගන්න තීරණ නිසා අපි කී දෙනෙක්ගේ සිහින බලාපොරොත්තු බිඳ වැටෙනවද? ඇයි එහෙම කරන්නේ...? වැක්සීන් දෙකම මම ගහලා තියෙන්නේ..!!! ඉතින් එහෙම එකේ වැක්සීන් දෙකම ගහලා ඉන්න අයටත් එන්න නොදුන්නාම හරිම අසාධාරණයි. ඇයි අපි එවන්නේ විදේශ විනිමය නොවේද? මැදපෙරදිගින් විතරද කොරෝනා 19 එන්නේ? යුරෝපයෙන් එන අයට එක නීතියක්... මැද පෙරදිග අපට එක නීතියක්ද?
මේ මැදපෙරදිග රටවල්නේ. ඒවගේ කවුද සංචාරය කරන්නේ. සේරම රැකියාවල් කරලා මාස් පතා ලංකාවට මුදල් එවන අහිංසක මිනිසුන්. එච්චරයි කියන්න තියෙන්නේ...
මහා පුදුම ඒකාධිපති රටක්...!!! මෝඩ නූගත් රැලක් විසින් පාලනය කරන, මිනිසුන් අසරණ කළ රටක්...!!! ජනාධිපතිගේ නෝනා ඇමෙරිකාවට ගිහින් ආපසු පැමිණෙන විට රට විවෘත කළා. ඊට පස්සේ රට වැසුවා. මල්වානේ හොරුන්ට එන්න ආයෙත් රට විවෘත කළා. මිනිහා ආවට පස්සේ ඔන්න දැන් ආයෙත් ගුවන් ගමන් අඩුකරනවා. කවදාහරි තව රාජපක්ෂ ගෝතයෙක් පිටරටක සිට එනවා නම් ආයෙත් ගුවන් ගමන් පටන් ගනියි. අපි බලාගෙන ඉඳිමු..
මෝඩ තීරණ.. මැදපෙරදිග මේ වෙනකොට තත්වය හොඳටම පාලනය කරලා තියෙන්නේ... මම ඉන්න කටාර් වල 71% ක ජනගහනය වැක්සීන් කරලා ඉවරයි. දවසට රෝගීන් 100ට වඩා අඩු ගණනක් වාර්තා වෙන්නේ... මේ ගන්න තීරණ හරිද කියලා බලන්න නායකයි කියලා ජාතියක් නැද්ද රටේ... මෝඩ තීරණ, මැදපෙරදිග මේ වෙනකොට තත්වය හොඳටම පාලනය කරලා තියෙන්නේ... මම ඉන්න කටාර් වල 71%ක් ජනගහනය වැක්සින් කරලා ඉවරයි. දවසට රෝගීන් 100ට වඩා අඩු ගණනක් වාර්තා වෙන්නේ... මේ ගන්න තීරණ හරිද කියලා බලන්න නායකයෝ කියලා ජාතියක් නැද්ද රටේ...?
මම ඉන්න කටාර් වල 71%ක ජනගහනය වැක්සීන් කරලා ඉවරයි. දවසට රෝගීන් 100ට වඩා අඩු ගණනක් වාර්තා වෙන්නේ.. මෝඩරැලක් විසින් පාලනය කරන, මිනිසුන් අසරණ කළ රටක්...!!! සල්ලි එවන්න එපා.
රට විවෘත කළාම එන්න අවසර නෑ.... දැන් කොයි කාලයක් එහෙම කළාද? මිනිස්සුන්ට ජීවත් වෙන්න ඉඩදෙන්න. බලන්න සිංගප්පූරුව කොයි තරම් ආදර්ශවත් රටක්ද? කොරෝනා බොරුව තේරුම් අරන් ජනතාවට කිව්වා හෙම්බිරිස්සාවක් තරම් වත් බයක් නැතිව වැඩකරන්න කියලා... ඒකට අපේ රට කොරෝනා වවන් කනවා.