(තිළිණි ද සිල්වා)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි, නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සුබ පැතුම් එක් කර ඇත.
භාරතීය ජනතා පක්ෂයේ රාජ්‍ය සභා නියෝජිතයෙකු ද වන සුබ්‍රමනියම් ස්වාමි නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමේ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ සංසරණය වෙද්දී, ස්වාමි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කළේ තම මිත්‍ර මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බව පවසමිනි.
මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් මාසයේදී භාරතීය ජනතා පක්ෂයේ සැමරුම් උත්සවයකට ගියේ ඔහුගේ ඇරයුම් පරිදිය.ඒ අතරවාරයේදී රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක්ද පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු මෙහෙම සුබ පතන විට මතක් වෙන්නේ වීරවංසවයි.
"සුබ්‍රමනියම් ස්වාමි," අපෝ මෙය ගැන අපි දන්නවා.
ශ්‍රී ලංකාව විදේශ අතකොලුවෙන් නූල් සූත්තරකාරයන්ගෙන් බේරගත්තට අපේ සුබපැතුම් සහ ආචාරය ලොකු අයියේ...