ඩි.ජී.සුගතපාල
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව සැප්තැම්බර් 16,17,18 යන දිනවල දිනපතා විභාගයට ගැනීමට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිශ්ශංක මහතා අද (21) නියෝග කළේය.
පුද්ගලයකු පැහැරගෙන ගොස් සිරකර තැබීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.
නිශාන්ත මුතුහෙට්ටිගම, උඩුගම විතානගේ ලලිත් ධම්මික,සෙනවිරත්න ඈපාගේ දිමුතු ප්‍රදිප්,නිරාජ් අසංක ජයවර්ධන,සහ විදානකාරියකරණගේ හසිත අකලංක මෙම නඩුවේ විත්තිකරුවෝ වෙති.
පෙර දිනයේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ රජයේ නිතිඥවරිය කියා සිටියේ අධි චෝදනා බාර දීමෙන් පසු පළමුවන විත්තිකරුගේ ඇඟිලි සළකුණු ලබා ගැනිමට ගිය අවස්ථාවේ ඔහුගේ ඇඟිලිවල ස්වභාවය අනුව ඇඟිලි සළකුණු ලබා ගැනීමට අපහසු බව අධිකරණයේ පොලිස් නිලධාරින් පවසා තිබෙන බවයි.
ඒ නිසා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සළකුණු රිජිස්ටාර් කාර්යාලයේ නිලධාරියකු ගෙන්වා ඇඟිලි සළකුණු ලබාගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස කරන ලෙස රජයේ නීතිඥවරිය ඉල්ලා සිටියාය.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝගය පරිදි ඇඟිලි සළකුණු රෙජිස්ටාර් කාර්යාලයේ උප පොලිස් පරික්ෂකවරයකු ඇඟිලි සළකුණු ලබා ගැනීමට සහායවීම සඳහා පැමිණ සිටියේය. එහිදි පළමුවන විත්තිකරු ඇඟිලි සළකුණු ලබා ගැනිමෙන් පසු මුදා හරින ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
දකුණු පළාත් සභාවට නියෝජිතයින් තෝරා පත්කර ගැනිම සඳහා 2009 පැවති පළාත් සභා මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයකු වු සජින් වාස් ගුණවර්ධනගේ ගල්ලන්දල කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරියා ලෙස පැමිණිලිකරු කටයුතු කරමින් සිටියදි සිද්ධිය වු දින උදෑසන විත්තිකරුවන් පැමිණ මුතුහෙට්ටිගම මහතාගේ කාර්යාලයක් කැඩු බවට චෝදනා කරමින් පැමිණිලිකරු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගෙන සාපරාධි බලහත්කාරය පා ඇති බව පැමිණිල්ල කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයවැයට විරුද්දව ඡන්දය දුන් නිසා මෙම නඩුව ඉක්මන් වෙලා වගෙ අනේ මන්දා
දිනපතා කියල කීවට ඉතින් ව්රෝධතාවයක් ගොනු කල ගමන් මාස් පතාවලටත් වැඩිය කල් යනවනේ. දැක්කේ නැද්ද ඔයිට වැඩිය බෙර ගහල පටන් ගත්තු අපි අනිත් නඩු වලට වෙලා තියෙන සංතෑසිය.
මොන ඉක්මනක්ද අපිටනම් හරි පරක්කුයි. ඔවුන් ඔතනට ගිහිල්ල මොනාද කරලා තියෙන්නේ.
ඔය කියන පවුලේ අයගේ නඩු සහ ඔය කියන විපක්ෂයේ අයගේ නඩු මීළඟ රජයෙන් තමා ඉවර කරන්නේ.