(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ දී සහ ඉන් පිටතදී ඉකුත් 21 වැනි දා ඇතිවූ ගැටුම්කාරී සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීමට කතානායකවරයා පත් කළ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන බදාදා පස්වරු 2.00ට පළමුවරට රැස්වීමට නියමිතය .
එම සිදුවීම් සම්බන්ධයෙන් සාමාජික මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර පූර්ණ විමර්ශනයක් පවත්වා නිර්දේශ කඩිනමින් කතානායක වරයාට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය .
නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස චමල් රාජපක්ෂ,කෙහෙළිය රඹුක්වැල්ල ,සුසිල් ප්‍රේම ජයන්ත, ඉමිතියාස් බාකිර් මාකර් ,ආචාර්ය රංජිත් බණ්ඩාර,සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මන්ත්‍රීවරු කටයුතු කරති.
පාර්ලිමේන්තුවේ දී සහ ඉන් පිටත දී ඇති වූ එම නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලීමට විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී ඉකුත් දා ඉල්ලීමක් කළහ .
කතානායකවරයා මෙම කමිටුව පත් කරනු ලැබුවේ ඉන් පසුවය.මෙලෙස කමිටුවක් පත් කළ බව කතානායකවරයා පාර්ලිමේන්තුවට ද දැනුම් දුන්නේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමල් රාජපක්ෂ, මෙයත් ඉන්නවද මැතිසබේ වලිකමිටුවට මෙයා නේද පසුගිය දවසක පාර්ලිමේන්තුව තුළ ෆොන්සේකා සමඟ පැටලී ගේම පාරට ගන්න උත්සාහ කළේ...
බුදු අම්මො මෙකට පත් කරල ඉන්න හොර නඩේ! අර කටුගෙ කඩල කඩුව හොරකම් කරපු එකා තමයි නායකයා කරල තියෙන්නෙ.අපරදේ මිරිස් කුඩු ප්‍රශ්නය මේකට දාල .නෙනේ.
රටක නිතිසම්පාදනය කරන්නාවූ ප්‍රධානතම ආයතනයවන්නේ පාර්ලිමේන්තුව වේ. නමුත් වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේවන විට පත්ව ගොස් තිබෙන්නවූ පිරිස් පාර්ලිමේන්තුව තුල සිට කරන්නාවූ සහ හැසිරෙන්න්වූ ආකාරය ඉතාම කණගාටුදායක වේ. එක අතකින් එක්සත් ජාතික පක්ෂය මෙවර කිසිම නියෝජිතයකු වර්තමාන පාර්ලිමේන්තුවේ නොසිටීම සහ නියෝජනය නොකිරීම ඉදිරියටත් සිදුවිය යුතුම වේ. වර්තමාන රජයේ පාර්ලිමේන්තුව තුල සහ පිටත් දේශපාලකයා ඔවුන්ගේ කැමති ආකාරයකට රට ගෙන යාමේ අවස්ථවට ඉඩදී ඉවසා සිටීය යුතුවේ. මෙම රජය පත්කළ කණ්ඩායම් විසින්ම මෙම රජය පෙරලා දමනු ඇත. එතෙක් ඉවසා සිටිය යුතුවේ. රටේ දේශපාලකයන් පමණක් නොව රටේ ජනතාවටත් යථාර්තය ඔවුනටම අවබෝධ වීමට ඉඩදී බල සිටිය යුතුවේ.