(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්න)
සියලු මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීතිරිතිවල අඩුපාඩු හඳැන්ගෙන ඒවා නිවැරදි කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට ඉදිරිපත් කෙරුණු යෝජනවාක් පාර්ලිමේන්තුවේ දි අද ඒකමතිකව සම්මත විය.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙම යෝජනාව ගෙන ආවේය.
යෝජනවා අනුව තේරීම් කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරුන් 15 දෙනකු කතානායකවරයා විසින් පත් කරනු ලැබීය.
කාරක සභාව පත් කර මාස හයකදී එහි වාර්තාව පාර්ලිමේන්තුවට බාරදිය යුතු බව ද යෝජනාවේ සඳහන් වේ.
සියලු මැතිවරණ සහ ඡන්ද විමසිම් ව්‍යුහයේ නීතිරිතිවල අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කිරීම සඳහා මෙැවනි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට මුලින්ම යෝජනා කරනු ලැබුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපුරැයි - අපිත් එවන්නෙමු යෝජනා- විශේෂයෙන්ම විදෙස් පුරවැසිබව ලද අයට මෙරට ඡන්ද අයිතිය නැති කරන්න. ඒ ආසනේ පදිංචි නැතිනම් එයාට ඒ ආසනේට ඡන්ද ඉල්ලන්න අයිතිය නැති කරන්න.මනාප ඉල්ලන එක අහෝසි කරන්න