(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණය සඳහා වියදම් සපයා ගැනීම සම්බන්ධයෙන් ඇතිවිය හැකි ගැටළු සහගත තත්ත්ව අර්බුදයක් බවට පරිවර්තනය වීමට පෙර සාකච්ඡා මගින් විසඳා ගන්නා ලෙස ශ්‍රී ලංකා මැතිවරණ නිරික්ෂණ ජාතික මධ්‍යස්ථානය (NCEMS) මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටීයි.
මේ වන විට ශ්‍රී ලංකාව බංකොලොත් භාවය ප්‍රකාශයට පත්ව ඇති රටක් බව බොහෝ දෙනකු අමතක කරන කරුණක් යැයි කියන මැතිවරණ නිරික්ෂණ ජාතික මධ්‍යස්ථානය එවැනි තත්ත්වයක් තුළ මහජනතාවගේ අවම එදිනෙදා ජීවන අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා රජයේ මුදල් මුලුමනින්ම වැය කිරීමට සිදුව ඇතැයි යන්න අමතක කළ යුතුව නැතැයි පවසයි.
එබැවින් නිශ්චිත කාල සටහනක් අනුව මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් සියලු පාර්ශ්ව අතර එකඟතාවන් තුළින් ඇති කර ගනිමින් මැතිවරණය පැවැත්වීම සඳහා උචිත සැලසුමක් සකස් කර ගැනීමට වහාම කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයිද ශ්‍රී ලංකා මැතිවරණ නිරික්ෂණ ජාතික මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ එස්.බී හේරත් මහතා මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී.පුංචිහේවා මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටීයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ මේ අර මැතිවරණය තියන්න එපා කියන මැතිවරණ නිරීක්ෂණ ආයතනයනේ... මේ තමා ලෝකේ තියන එකම මැතිවරණ නිරීක්ෂණ ආයතනය මැතිවරණ තියනවාට අකැමැති. මොකද මෙයාලා කරන නිරීක්ෂණයක් නෑ. එක්තරා දේශපාලන පක්ෂයක ඕනෑකම් වෙනුවෙන් බොරුවට මැතිවරණ නිරීක්ෂණ ආයතනයක් විදිහට පෙනී ඉන්නවා.
මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය තාම නැහැ. ඒකෙන් කියන්නේ මැතිවරණ එපා කියලා. එතකොට මෙයාලට මොනවා නිරීක්ෂණය කරන්නද? රාජ්‍ය නොවන සංවිධාන විහිළුවට පත්කරන සංවිධාන...
මේ අවස්ථාවේ මහජනතාවගේ එකම ඉල්ලීම පළාත් පාලන මැතිවරණයයි.
දූෂිත දේශපාලනඥයන් පත්වන, යල් පැනපු, අධි වියදම් සහිත පළාත් පාලන මැතිවරණ නැවතත් පැවැත්වීම බංකොළොත් රටකට ඔරොත්තු නොදෙන 'සෝද සෝදා මඩේ දැමීමකි'. 'ග්‍රාම රාජ්‍ය' සංකල්පය අනුව, පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන අපේක්ෂකයන් වෙනුවට, ග්‍රාම නිලධාරී වසම් මට්ටමේ යෝජිත, ස්වාධීන ‘ජන සභා’ සාමාජිකයින් වශයෙන් අවංක හා පිළිගත් ගම්මුන්ට තරඟ කිරීමටත්... මැතිවරණය ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් අඩු වියදමකින්, සරලව පැවැත්වීම සඳහාත්, 'ක්‍රම වෙනසක්' කළ යුතුයි. එවිට, පළාත් පාලන ආයතන, පක්ෂග්‍රාහී, ‘දූෂිත දේශපාලඥයින්’ පෝෂණය කරන ගර්භාෂයන් වෙනුවට, රට පළමුවට තබන, අනාගත ‘දේශපාලන වෘත්තිකයින්’ හැඩගස්වන තවාන් බවට පරිවර්තනය වනු ඇත.