(මහේෂ් කිර්තිරත්න)
මාතලේ වරකාමුර තවුහිත් ජමාත් සංවිධානයේ අනුගාමිකයින් සහ තවත් මුස්ලිම් පිරිසක් අතර අද (07) රාත්‍රීයේ ගැටුමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
තවුහිත් ජමාත් සංවිධානයේ මාතලේ කාර්යාලය බවට සැලකෙන වරකාමුර ප්‍රදේශයේ ඇති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිසිය පැවැසීය.
සිද්ධිය ඇති වන අවස්ථාවේ තවුහිත් ජමාත් සංවිධානයේ මාතලේ සංවිධායක ලෙස සැලකෙන පුද්ගලයා ඇතුලු පවුලේ පිරිස එම ස්ථානයේ රැඳී සිට ඇති බව පොලිසිය කියයි.
එම පිරිස මේ වන විට එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවද පොලිසිය කීය.
සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට පැමිණි මාතලේ පොලිස් නිලධාරීන් විසින් සිද්ධිය සමතයටකට පත් කර ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවද පොලිසිය කියයි.
සිද්ධිය පිළිබඳව මාතලේ පොලිසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙපිරිස අතර ගැටුම සමතයකට පත් විම නොවේයි පොලිසිය කල යුත්තේ මේ ස්ථානයේ සිටි ප්‍රධාන සංවිධායකයා යැයි කියන අයව අත් අඩංගුවට ගැනිමයි
ඒ අයගේ බොරු වලි. දැන් ලකුණු ගන්න හදනවා.
අන්න එහෙම තමයි සාමාන්‍ය මුස්ලිම් ජනතාව කටයුතු කලයුත්තේ. මුලදී එහෙම කලානම් අප සැමට සතුටින් ඉන්න තිබුනා
ඔය වැඩේ කලින්ම කරානම් අද මේ ප්රශ්නය නැනේ
එතකොට මාතලේ තවුහිත් ජමාත් අයව අත් අඩංගුවට ගත්තෙ නැත්තෙ කාගෙ බලපෑම හින්දද ?
ඔය රණ්ඩු නම් සත පහකට ගනන් ගන්න බෑ. වහාම පල්ලි පරීක්ෂා කර ත්රස්තවාදීන් අත්අඩංගුවට ගන්න. රණ්ඩු සමතයකට පත් කරලා එතන ඉඳලා වැඩක් නෑ.
රටේ ආරක්ෂාව තමා අතට දෙන්න කියා ඉල්ලා ගත් හමුදාපති තුමාගෙන් මෙහෙම කාර්ය භාරයක් නොවෙයි ජනතාව බලාපොරොත්තු වන්නේ ? ආයුධ වලින් සන්නද්ධව සටනක යෙදී සිටි ත්‍රස්තවාදී අත්අඩංගුවට නොගෙන ගැටුම සමතයකට පත්කලා කීවාම ජනතාවට උතුර දකුණ මාරුවෙනවා .
ඒගොල්ලොත් අපේ දේශපාලන පක්ෂ වල කට්ටිය වගේනේ, අපට පෙනෙන්න සංදර්ශන දාන්නේ?
කාත්තන්කුඩි යේ 2016 දි ඔහොම වෙලා, අත්අඩංගුවට ගන්නෙ නැතුව සමනය කරන්න ගිහින් තමයි 2019 බ්ලාස්ට් වුණේ නේද.?
එතකොට ඔය රට පුරා ඉන්නෙ ජනධිපතිතුමා කියන ඉතුරු වෙලා ඉන්න විසි ගණන ද ?
තවුහිත් ජමාත් සංවිධානයේ මාතලේ සංවිධායක ලෙස සැලකෙන පුද්ගලයා ඇතුලු පවුලේ පිරිස අත් අඩංගුවට නොගත්තේ මන්ද? ඒ වෙනුවට එම පිරිස මේ වන විට එම ස්ථානයෙන් ඉවත් කර ඇති බව පොලිසිය කියයි. පිටිපස්සෙන් ඉන්න දේශපාලුවා කව්ද?
කවුරු විරුද්ධ වුනත් රජයේ ඇමතිවරුන්ගේ පූර්න සහයෝගය ලැබෙනවනේ. ප්‍රගතශීලී මුස්ලිම් ජනතාව ඊලග ඡන්දෙදිවත් අන්තවාදීන් පෝශනයකර ඇමතිවරුන් ගෙදර යවන්න කටයුතුකල යුතුය
මන් හිතුව තවුහිත් ජමාත් කියන්නේ ලංකවේ තහනම් ත්‍රස්තවාදී කණ්ඩායමක් කියලා, බෝම්බ ගැහුවට පස්සෙවත් එහෙම නැත්ද ?
දැන් තවුහිත් ජමාත් සංවිධානය විතරද අන්තවාදී ? උත්සහ කරපල්ලා ශ්‍රි ලාංකික මුස්ලිම් වෙන්න නැත්තම් උඹලම තමා වල කපාගන්නේ.
පොලීසියෙ වැඩ පිලිවෙල කිසිසේත් අනුමත කල නොහැක. ඔවුන් රජකාරිය හරයාකාරව ඉටුකරන බවක් නොපෙනේ. මොවුන් ගේ දෙබිඩි පිලිවෙත පිළිකුල් සහගතයි.
අන්තවාදය මර්දනයට දැඩි නීති අව්ශයයි. එක නීතියක් , එක අධ්‍යාපනයක්, එක සංස්කෘතියක් අවශ්‍යයි.
අන්තවාදය මර්දනයට දැඩි නීති අවශ්‍යයි. එක නීතියක් , එක අධ්‍යාපනයක්, එක සංස්කෘතියක් අවශ්‍යයි, අරාබි සංස්කෘතිය සහ භාෂාව අපට අවශ්‍ය නැහැ. මේ ප්‍රශ්නෙට මුල ඔතන තියෙන්නේ .
හසාන්-සත්‍ය තෙරුම් ගන්න. දිගන සිද්ධිය පිටුපස සිටියේත් අද මෙන්ම අවස්ථාවාදි දේශපාලකයන්. අහිංසක මිනිසුන් නොවේ. කාලකන්නි දෙශපාලකයන් එලවමු.