
(මහේෂ් කිර්තිරත්න)
මාතලේ මහ නගරාධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ මහතා විසින් තාවකාලිකව අත්හිටුවිමට පියවර ගෙන ඇති අතර නගරාධිපති පිළිබද විමර්ශනයට විශ්‍රාමලත් අධිකරණ නිලධාරිනි සරෝජනි කුසලා වීරවර්ධන මහත්මිය පත්කර තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාට පැවරී ඇති බලතල අනුව 2020 අගෝස්තු 25 වන දින අංක 2190/24 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම සේවය අත්හිටුවීම සිදුකර ඇති අතර මාස 03 ක කාලසීමාවක් ඇතුළත පරික්ෂාකර කරුණු වාර්තා කිරීමට කොමිසමට බලතල ලබා දී තිබේ.
ඒ අනුව 1989 අංක 12 දරණ පළාත් සභා ( අනුසාංගික විධිවිධාන) පනත 02 යටතේ 02 නන වගන්තිය සමග කියවියයුතු සංසෝධිත මහනගර සභා ආඥාපනත යටතේ (252 අධිකාරිය) 277 (i) ( ආ) ( අ) මෙම නියෝගය ආණ්ඩුකාරවරයා විසින් නියෝග කර තිබේ.
මාතලේ මහ නගර සභාවේ දැනට නියෝජ්‍ය ධුරයෙහි කටයුතු කරන සංදනම් ප්‍රකාශ් මහතා මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්යයන් ඉටුකිරීමට හා බලතල ක්‍රිකාත්මක කිරිමට සංදනම් ප්‍රකාශ් මහතාට බලය පවරා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝදෙනා බලාපොරොත්තුවුණේ කුරුණෑගල නගරාධිපතිගේ වැඩ තහනම් කරයි කියා.
එක රටක්... එක නීතියක්...
හැමට එකම නීතියක් කියාගන්න රාජපක්ෂ ජෝඩුවේ විරුද්ධවාදීන්ට එරෙහිව කරනලද තවත් දේශපාලන නින්දිත පළිගැනීමක්...!!!
කුරුණෑගල නගරාධිපති පොහොට්ටුවේ නිසා ප්‍රශ්නයක් නැහැ. සජිත් එජාපයේ නිසා වැඩ තහනම් කළ යුතුමයි. දැන් ලංකාවේ ඉදිරියේදී සහල් පරිභෝජනය අඩුවෙයි. හේතුව ලක්ෂ 58ක්ම තණකොළ කාපු අය නිසා..