(මහේෂ් කිර්තිරත්න)
කෙරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1067 දෙනෙකු ස්වයං නිරෝධායනය සිදු කර ඇති බව ඉන් 814 දෙනෙකු දින 14 ක් ඉක්මවා ගොස් ඇති බව මාතලේ දිස්ත්‍රික් වංසගත රෝග විශේෂඥ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අද(1) දා පැවසිය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ දිස්ත්‍රික් කොරොනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිමේ හා අත්‍යවශ්‍ය සේවා අඛන්ඩව පවත්වාගෙය යාමේ කමිටුවට සහභාගි වෙමිනි.කමිටු රැස්විම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්රධාන්තවෙයන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.
වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය බණ්ඩාර මහතා කියා සිටියේ දිස්ත්‍රික්කය තුළට දිවයිනේ වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණි හා වෙනත් රැකියාවලට ගොස් පැමිණි හා විදේශරටවලින් පැමිණි පිරිස් සමග සම්බන්ධතා පැවැත්වු පිරිසක් මෙසේ නිරෝධනායන කටයුතු නිරත කරන බවත් මේ වන විටත් පුද්ගලයින් 253 දෙනෙකු නිරෝධානයනය වෙමින් සිටින බවද පැවසිය.
දිස්ත්‍රික්කය තුළ මෙම රෝගය ව්‍යාප්ත විම වැලැක්විම සදහා ගතහැකි සැම පියවරක්ම ගන්නා බවද ඒ මහතා පැවසිය.
මෙම කමිටු රැස්විම සදහා මාතලේ මහ දිසාපති කරුණාසිරි පෙරේරා ,හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන් වන රංජිත් අලුවිහාරේ, රෝහිණි කුමාරි විජේරත්න, වසන්ත අලුවිහාරේ, රෝහණ දිසානායක,හිටපු පළාත් අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් ,පළාත් ප්‍රධාන ලේකම් කුමුදු කරුණාරත්න යන මහත්ම මහත්මින් ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ප්රාදේශිය ලේකම්වරුන් පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුලු නිලධාරින් පිරිසක් එක්වි සිටියහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1067 ක් නිරෝධායනයේ