IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මිතුරියගේ ඒ ටී එම් කාඩ්පතට විද්ද මිතුරිය අත්අඩංගුවට

(නුවන්කුමාර)

තම මිතුරියගේ  ඒ ටී එම් කාඩ්පත සොරකම් කර මුදල් ලබාගත් ඇගළුම් සේවිකාවක්  සැකපිට  අද ( 20 )  දහවල් අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලීසිය කියයි.

තඹුත්තේගම ඇගළුම් කම්හලක සේවය සදහා පැමිණි තරුණියන් දෙදෙනෙකු  ඉතාකෙටි කලකින් මිතුරියන් භවට පත්වි ඇති බවත් ඔවුන් දෙදෙනා  ඔවුනොවුන්ගේ පෞද්ගලික තොරතුරු පවා හුවමාරු කර ඇති බවත් පොලීසිය සදහන් කළේය.

මිතුරිය ආහාර ගැනීම සදහා පිටතට ගිය අවශ්ථාවේදී ඇයගේ  අත් බෑගයේ තිබු ඒටිඑම් කාඩ්පත සොරකම් කර මුදල් ලබාගෙන තඹුත්තේගම පිහිටි රණ්භාණ්ඩ අළෙවි සැළකින් රන් මුදු දෙකක් සාදා ගැනීම සදහා රුපියල් 36000ක අත්කාරමක් ද ගෙවා ඇති බව පොලීසිය මෙතෙක් කළ පරික්ෂණවලින් අනාවරණය කරගෙන ඇති බව පොලීසිය පැවසීය.

තම පොලීසියට පැමිණිල්ල ලැබි පැය භාගයක කාලයක් ඇතුළත  අදාල ආයතනවල සීසිටිවි කැමරා පරික්ෂාකොට සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකිවු බව පොලීසිය සදහන් කළේය.

සැකකාරිය  අද (20 )  තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. තඹුත්තේගම වැඩ බලන මුලස්ථාන පොලිස් පරික්ෂක ආර්.එම්.ජේ.රත්නමළල මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථනාධිපති පො.ප.විමලසේන මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 

 



අදහස් (0)

මිතුරියගේ ඒ ටී එම් කාඩ්පතට විද්ද මිතුරිය අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 176 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 385 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 163 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site