
(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)
රුසියානු ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ රඳවාගැනීමේ සිද්ධියත් සමඟ ශ්‍රී ලංකාවේ පැරණිතම මිත්‍ර රටක් වන රුසියාවට කණගාටුව ප්‍රකාශ කිරීමට සහ මිත්‍රත්වය රැකීමට ඉල්ලීම් කරමින් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සහ රුසියාවේ අධ්‍යාපන ලැබූ පිරිසක් රුසියානු තානාපති කාර්යාලයට අද (6) සංදේශයක් භාරදුන්හ.
මෙහිදී එම පිරිස අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වමින් ඉන් පසුව පාගමනින් රුසියානු තානාපති කාර්යාල වෙත පැමිණියහ.
ශ්‍රී ලංකාවට යොමුවූ ජාත්‍යන්තර ගැටලුවලදී රුසියාව තුන්වරක් නිෂේධ බලය පාවිච්චි කර සහය ලබාදුන් බවත් ශ්‍රී ලාංකිකයන් 5000 කට පමණ නොමිලයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදුන් බවත් එහිදී විරෝධතාකරුවෝ පැවසූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සියලු දෙනාම අගය කරනවා. අපේ මෝඩයින්ට තේරෙන්නේ නැහැ රුසියාව ශ්‍රී ලංකාවට උදව් උපකාර කරන්නේ කොහොමද කියලා...?