
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පළාත් මට්ටමින් සංවිධානය කරනු ලබන රැකියා පොළ වැඩසටහන දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය තීරණය කර තිබේ.
එම රැකියා පොළ ජූලි 19 පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා මාතර, ශාන්ත සර්වේශස් විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මෙම රැකියා පොල වැඩසටහනේදී තරුණ තරුණියන්ට විදේශ රැකියා අවස්ථා සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවන අතර, එදින සහභාගී වන විදේශ රැකියා අපේක්ෂකයින් කාර්යාංශ රැකියා බැංකුවේ ලියාපදිංචි කරගැනීමද සිදුකරනු ලබයි.
ඊට අමතරව ශ්‍රී ලංකා රජය, ජපානය, ඊශ්‍රායල් හා දකුණු කොරියානු රජයන් සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම් අනුව ලබාදෙනු ලබන විදේශ රැකියා අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමද මෙහිදී සිදු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
කාර්යාංශයේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන 25 ක් මේ සඳහා සහභාගිවන අතර, එම ආයතන වෙත ලැබී ඇති විදේශ රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු ලබාගැනීමට, ඒ සඳහා අයදුම් කිරීමට හා රැකියා ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මෙහිදී රැකියා සඳහා සෘජු බඳවාගැනීම් සිදුකිරීමට නියමිතය.
එසේම හෝටල් පාසල, NAITA, VTA වැනි ආයතනද මේ සඳහා සහභාගී වන අතර, එමගින් විදේශ රැකියා වෙළඳපොලේ වැඩි ඉල්ලුමක් පවතින රැකියාවලට අදාළ වෘත්තිය පුහුණු සඳහා බඳවාගැනීමද සිදුකෙරේ.
මීට අමතරව ස්වයං රැකියා කරන විගමණික ශ්‍රමිකයින්ගේ නිශ්පාදන අලෙවි පොලක්ද මෙම පරිශ්‍රය තුළ පැවැත්වෙන අතර, එහිදී පහසු මිලට භාණ්ඩ මිළදී ගැනීමට අවස්ථාව සලසා ඇත.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දකුණු පළාත් කාර්යාලය හා අලෙවිකරණ අංශය එක්ව මෙම රැකියා පොල වැඩසටහන සංවිධානය කර ඇත.ඉදිරියේදී අනෙකුත් පළාත්වලද මෙම වැඩසටහන පැවැත්වීමට කාර්යාංශය අපේක්ෂා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම විදේශ ආදායම හැකි පමන රට යැවීමද ? අර උප ඇමතිවරයකු හොටු පෙරාගෙන ඇන්ඩුවේ මීට විරුද්ධව නේද? පොරොන්දූ දුන් පරිදි කෝ රට තුළ රැකියා උත්පාදනය...!
රැකියා ඒජන්සිකරුවන් රජයේ අනුමත ගාස්තුවට වඩා විශාල මුදලක් සෑම රටකටම අය කරනවා , රුමේනියාවට රජයේ අනුමත ගාස්තුව ලක්‍ෂ 11ක් නම් ලක්‍ෂ 20 ක් පමණ අය කරනවා යුරෝ 450 පඩියට එම මුදල හොයාගන්නම මාස 20ක් පමණ වැඩ කළ යුතුයි, රජය මේ සම්බන්ධව කිසිම පියවරක් ගන්නේ නෑ. මේ ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කළ හැකිද?ජනතාව දැනුවත් කරනවා නම් රජයට ස්තුතිය
ඔය NAITA ,VTA වැනි රජයේ කාර්මික පාසල් වලට ළමුන් යවන එක බොරුවැඩක් එකේ මස 6 ක සුපවේදී පාඨමාලාවක් හදාරලා එලියට එන ළමුන්ගෙන් 60% බැහැ එළවලු 2-3 සමග බත් ටිකක් උයාගන්න , අහාර වට්ටෝරු පමණක් ලියාගෙන එනවා , උයන්න ඉගෙන ගන්න අවශ්‍ය එළවලු මාළු ගන්න රජයෙන් දෙන මුල්‍ය ප්‍රතිපාදන වලින් ගුරුවරු නිවසට බඩු අරන් යන අතර බිල් පමණක් ඉදිරිපත් කරනවා , මම කීවට පමණක් විශ්වාස කරන්න එපා අධාල ඇමති තුමා පොඩ්ඩක් මේ ගැන සොයල බලන්න .