( රංජිත් රාජපක්ෂ)         

තලවකැලේ ළිදුල ෆාමස්ටන් වතුයායේ තේ දළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එම වතුයාය තුලදීම මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා  රෝහල්ගත කළ බව පොලීසිය කියයි.

 ඊයේ (20) එම වත්තේ නෙළා තිබූ තේ දළු බෑග් තේ කර්මාන්ත ශෘලාව දක්වා ප්‍රවාහනය කරමින් තිබියදි ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය කියා සිටියේය. අනතුරින් ලොරි රථයටෙද දැඩි අලාභ හානි සිදු වී ඇත.