
(ඩයනා උදයංගනී)
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණය සඳහා රජය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙල සඳහා මෙම වසර වෙනුවෙන් රුපියල් කෝටි 10 ක් ලබා දීමට තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පරිසර අමාත්‍යාංශයට අයවැය මගින් ලබා දී ඇති රුපියල් කෝටි 200න් රුපියල් කෝටි 10ක් මෙලෙස මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ කටයුතු වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සංරක්‍ෂණ කටයුතු සිදු කෙරෙන බව ඇමතිවරයා කීවේය.
හෙක්ටෙයාර් 6236කින් සමන්විත මුතුරාජවෙල තෙත් බිම හෙක්ටෙයාර් 3168ක් මීගමුව කලපුව දක්වාත්, හෙක්ටෙයාර් 3068ක් වගුරුබිමකින් ද සමන්විතය.
කොළඹ ජනතාවගේ පෙණහැල්ල ලෙස හඳුන්වන මුතුරාජවෙල තෙත්බිම මගින් කොළඹ නගරයේ වායුදූෂණය අවම කිරීමට උපකාරී වන අතර, භූගත ජල ස්ථරය පෙරීමට ලක් කරන පෙරහණක් වශයෙන් ද ක්‍රියා කරයි.
දශක කිහිපයක් තිස්සේ සිදුවූ නොයෙක් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මුතුරාජවෙල තෙත්බිම දූෂණයට හා විනාශයට ලක්වෙමින් ඇති අතර, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද එහි ගොස් ඒ සම්බන්ධව කරුණු සොයා බැලීය.
එහිදී මුතුරාජවෙල දූෂණයට හේතු වූ ඇතැම් කර්මාන්ත ශාලාවල පරිසර බලපත්‍ර පවා තහනම් කෙරුණු අතර මුතුරාජවෙල පාරිසරික සංවේදී කලාපයක් ලෙස සංරක්ෂණය කිරීමට ද රජය විසින් තීරණය කරනු ලැබිණි.
මුතුරාජවෙළ සංරක්ෂණ කටයුතු සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට රා්‍ය ගිණුම්කාරක සභාව ද පියවර ගෙන ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd