
(විනීතා ගමගේ)
ගම්පහ කලාපය භාර පරිසර නිලධාරිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නියෝග මත මෙම පියවර ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.
මුතුරාජවෙල පරිසර හානියට එරෙහිව කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් මෙම පිවවර ගන්නැයි මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන් බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවැසීය.
මුතුරාජවෙල තෙත්බිම පිරවීමට පස් අදිමින් සිටි වාහන තමන් සියැසින් දුටු බවත්, එකී පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ගම්පහ පරිසර නිලධාරිවරයාට දැන්වූ නමුත් ඔහු කිසිදු පියවරක් නොගත් බවත් අමරවීර මහතා කීය.
මෙවැනි අවස්ථා රාශියක් නිරික්ෂණය කළ බව කී අමාත්‍යවරයා එකී නිරික්ෂණ වලින් පසු මෙම පියවර ගත් බවද සඳහන් කලේය.
විශේෂයෙන් මුතුරාජවෙල සිදුව ඇති හානිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඔහුගෙන් ඉල්ලූ නමුත් මාසයකට වඩා ගතවී ඇතත් මේ වනතුරු එය ඉටුවී නැතැයි ද හෙතෙම කියා සිටියේය. මෙම නිලධාරියා මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට කැඳවා ඇති අතර වෙනත් නිලධාරියෙකු එහි යවන බව එම අධිකාරිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝපිටියේ පස් රනිල් සහ ජයතිස්ස කියන දෙන්නා තමයි මුතුරාජවෙල දැන් ඉහගෙන කනවා කියන්නේ.
වැරැද්දක් කළා නම් ලැබෙන්න ඕනේ දඬුවම් මිස ස්ථාන මාරු නොවේ.
ඇමැතිතුමනි, මේ පස් පිරවීම් වලට සම්බන්ධ සංවර්ධන කටයුතුවලට එක්වී ඇත්තේ ඉතාම ධනවත් සහ බලවත් සහ රජයේ ඉතාම ඉහළ තැන්වලට කෙළින්ම සම්බන්ධකම් ඇති ව්‍යාපාරික කොටසක් බවයි කියවෙන්නේ. නිලධාරීන්ට කොහොම වෙතත් ඇමැතිතුමාට මාරුවක් ලැබෙයිදෝ කියලා තමයි අපට බය.
මේක මහ ගොන් කතාවක්. ඉඩම් ගොඩ කිරීම සම්බන්ධව කටයුතු කිරීමට පරිසර අධිකාරියට කිසිම බලයක් නැත. ඒ සඳහා බලය ඇත්තේ පහත් බිම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව (S.L.R.D.C.) සතුවයි. පස් ලොරි ඇල්ලීමේ බලය ඇත්තේ භූ විද්‍යා හා පතල් ආයතනයටයි (G.S.M.B.). මුතුරාජවෙල ගොඩකිරීම් සම්බන්ධව පරිසර අධිකාරිය පැවරූ නඩු වලින් පරිසර අධිකාරියම පැරදී තිබුණා. ඒ පරිසර අධිකාරියට ඒ පිළිබඳව නීතිමය බලයක් නැති බව පැහැදිලි වීමෙනි. ඒ නිසා පරිසර අධිකාරියේ නිලධාරියා මාරු කිරීම මුවන්ට තඩි බෑමට නොහැකි විට මුවහමට තලනවා වැනිය...
මේක මහ ගොන් කතාවක්. ඉඩම් ගොඩ කිරීම සම්බන්ධව කටයුතු කිරීමට පරිසර අධිකාරියට කිසිම බලයක් නැත. ඒ සඳහා බලය ඇත්තේ පහත් බිම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව (S.L.R.D.C.) සතුවයි. පස් ලොරි ඇල්ලීමේ බලය ඇත්තේ භූ විද්‍යා හා පතල් ආයතනයටයි. (G.S.M.B.). මුතුරාජවෙල ගොඩකිරීම් සම්බන්ධව පරිසර අධිකාරිය පැවරූ නඩුවලින් පරිසර අධිකාරියම පැරදී තිබුණා. ඒ පරිසර අධිකාරියට ඒ පිළිබඳව නීතිමය බලයක් නැති බව පැහැදිලි වීමෙනි. ඒ නිසා පරිසර අධිකාරියේ නිලධාරියා මාරු කිරීම මුවන්ට තඩි බෑමට නොහැකි විට මුවහමට තලනවා වැනිය.
මධ්‍යම පරිසර අධිකාරියේ ඉන්නේ ජරාව කන අය. සල්ලි වලට ඕන වැඩක් කරයි. ඔය අයගේ වත්කම් හෙව්වා නම් පරිසරය රැකපු හැටි එළිවෙයි.