(ඩයනා උදයංගනී)

තමා අමාත්‍යධූරයක් හෝ රජයේ වෙනත් තනතුරක් ඉල්ලා නැති බවත්, එවැනි කිසිඳු තනතුරක් ලබාගැනීමට බලාපොරොත්තු නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා අමාත්‍යධූරයක දිවුරුම්දීමට නියමිත බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වේ.

එම මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය ඒවා බව ද එහි දැක්වේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඔහුගේ පුද්ගලික ලේකම් සමීර ද සිල්වා මහතාගේ අත්සනින් එම නිවේදනය නිකුත් කර ඇත.