
( තිළිණි ද සිල්වා )
විදෙස් සංචාරකයින් 13,547 ක් පසුගිය සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.
එය මේ වසරේදී මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් ගණන බවත් , ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් දක්වා මේවසරේ මුල් මාස 09 තුළ දී සංචාරකයින් ප්‍රමාණය 37,924 ක් මෙරටට පැමිණ ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තා වල සදහන් වේ.
පසුගිය සැප්තැම්බර් මාසයේ පැමිණි සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 8,258 ක් වේ.
ඊට අමතරව ජර්මනියෙන් 466 ක්ද , එංගලන්තයෙන් 309ක්ද , රුසියාවෙන් 304 ක්ද , කැනඩාවෙන් 265ක්ද , ස්විට්සර්ලන්තයෙන් 88 ක්ද , නෝර්වේ 55 ක් , ඊශ්‍රායලයෙන් 147 ක්ද , ඉතාලියෙන් 47 ක්ද , ඔස්ට්‍රියාවෙන් 44 ක් ද වශයෙන් සංචාරකයින් පැමිණ ඇතැයි සංචාරක අධිකාරිය කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හිතාගන්ඩත් බැහැ.
මෙය රජයට උපදෙස් දෙන අයගේ වරදක් නොවේ. මේ මුග්ධ ආණ්ඩුවේ සහ තකතීරු ඇමතිලාගේ අත්තනෝමතික තීරණයි.