(අජන්ත කුමාර අගලකඩ)
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අලුත් අවුරුද්දෙන් පසුව කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසෙන් ඉවත්ව යාමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
හිටපු ජනාධිපතිවරයාට මහගමසේකර මාවතේ නිල නිවස භාවිත කිරීම වාරණය කරමින් ,ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා අතුරු තහනම් නියෝගයක් පැනවූ අතර, ඊට ගරු කරමින් හිටපු ජනාධිපතිවරයා මෙසේ සිය නිල නිවසෙන් ඉවත් වන බව වාර්තා වේ.
ඔහුට රජයෙන් හිමිවිය යුතු නිල නිවසක් මෙතෙක් ලැබී නැති අතර,ඔහු මහගමසේකර මාවතේ නිල නිවසින් ඉවත්ව යන්නේ කොතනටද යන්න තවමත් නිශ්චිත නැති බවද දැනගන්නට ඇත.
මේ අතර ,මෛත්‍රිපාල සිරිසේන මහතාට හිටපු ජනාධිපතිවරයා වශයෙන් ව්‍යවස්ථානුකූලව හිමි යුතු නිල නිවසක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් රජයේ පාර්ශ්වයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටන් මුලින්ම කිව්වේ පොලොන්නරුවේ ගෙදර ඉඳන් රජකරනවා කියලා. ඒ ගෙදර යයි. ඒ තරම් විශාල පහසුකම් ඇතිනේ. නැතිනම් දුවගේ හෝටලේ තියෙන්නේ...
මහ පොළවෙන්නේ මෙයා මතුවුණා කිව්වේ... එහාටම ආපහු යන්න පුළුවන්නේ....
මේවා අහන දකින ජනතාව කෝප වෙන එක ගැන පුදුම වෙන්න අවශ්‍ය නැහැ. හිටපු ජනාධිපතිවරුන්ට නිලනිවාස දෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ.
පුතාට අරන්දීපු මාලිගාවේ වහලේ හිල්ද දන්නේ නෑ...
මෙයාලා දැන් ඔක්කොම කරන්නේ නැකත් බලලා
පාර්ලිමේන්තුවේ ඉන්න අයයි හිටපු අයයි නඩත්තු කරන එක රටට කොච්චර බරක්ද. බලේ ඉනනනකම්ම වරප්‍රසාද බුක්ති විඳලා , හොරකම් කරන්න පුලුවන් හැම තැනින්ම හොරකම් කරලා , බලෙන් පහවෙලා ගියාට පස්සෙත් ජනතාවට බරක්. මේවා තමවි ව්‍යවස්තාවෙන්ම වෙනස් වෙන්න ඕන දේවලි. හැබැයි කවුරු ආණ්ඩු කළත් ඒවා වෙනස් වෙන්නෙ නෑ. රට ඉතින් පස්සට
ලැජ්ජාවක් කියලා නාමයක් නැති කෙනෙක්..
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පවතින ලේඛන අනුව වරිපනම් අංක 3 ක නිවසක්ලු නේද? කොයි වරිපනම් අංකයද දන්නේ නැහැ චුතවෙන්නේ...? යනවාම නම් වඩාත් සුදුසුයි තව තව අපේ ලේ පුච්චන්නේ නැතිව...
මොන නිවසේ හිටියත් නුඹලා ඔක්කොමලා රටේ ජනතාව කනෙන් ඇදලා දොට්ට දාන දවස වැඩි දුරක නැහැ...
රටේ මහජනතාවගේ බදු මුදලින් යැපෙන්නන්...
මහජන පොදු දේපළ පරිහරණය ලැජ්ජාවක් කියලා නාමයක් නැති කෙනෙක්.. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පවතින ලේඛන අනුව වරිපනම් අංක 3 ක නිවසක්. රටේ මහජනතාවගේ බදු මුදලින් යැපෙන්නන්... PINA TA kisi ලැජ්ජාවක් කියලා නාමයක් නැත.
කෞරු .කලත් රට අවසානන්වෙලා .ඉවරයි .මොකා ආවත් ආයෙම්ම්ගොඩගන්න උන් රජකරවපු .අපිම්ම්කබලෙන්.. ලිපට
රට ආපස්සට ගෙනගිය ඔබලාට මොන නිල නිවාසද සිරිසේන...? රාජපක්ෂලත් එක්ක එකතුවෙලා රට කන්නේ නැතිව යන්න.
ලොන්ඩන් පාරේ එයාට නිවසක් තියෙනවා. තව ගොඩක්. ගෙවල් කොළඹ ඇති. ඩඩ්ලි ගාව හොරකම් කරපු සල්ලි හංගලා...
රටේ සේනාධිනායකයා විදිහට වගකීම් වෙන්නැතුව, රට අරාජික කරලා පාස්කු ප්‍රහාරය වෙන්න ඉඩහැරලා අසරණ මිනිස්සුන්ගේ ජීවිත දහස් ගණනක් විනාශ වෙන්න ඉඩ හැරපු අයට නිල නිවාස නෙවෙයි, ගහලා පන්නන්න ඕනෑ...
ආණ්ඩුවට විරුද්ධව ප්‍රකාශ කළොත් තවත් දේවල් නැතිවෙයි... හොඳ වැඩේ තමයි වුණේ මිස්ටර් බීන්ට..
අපිට ඉහළින් වැඩඉන්නා දෙවියන් විසින් කෙදිනක හෝ දඬුවම් ලබාදෙනු ඇත.