
(සුජිත් හේවාජුලිගේ)
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන සතුන්ගේ තර්ජනවලින් ආරක්ෂිත ගුවන්තොටුපළක් ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය විශේෂ සහතිකයක් දී අැත
මේ සහතිකයදී අැත්තේ මත්තල ගුවන්තොටුපළට වන සතුන්ගෙන් එල්ල වන තර්ජන වැලැක්විමට පියවර ගැනීමෙන් පසුවය
ඒ අනුව මත්තල ගුවන්තොටුපළට මෙහෙයුම් කරන ගුවන් සේවා සංඛ්‍යාව වැඩි කර ගැනීමේ සකාච්ඡා ආරම්භ කළ බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ ය.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට මෙහෙයුම් කරන ගුවන් සේවා සංඛ්‍යාව 4කි.
නව ගුවන් සේවා පැමිණීමත් සමග ගුවන්තොටුපළේ මෙහෙයුම් අලාභය අඩු කර ගත හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කෙළේය
මත්තල ගුවන්තොටුපළට මාසිකව රුපියල් කෝටි 25 ක පාඩුවක් ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට කොයිතරම් මඩ ගැහුවද? එක්කෙනෙක් වී ගබඩා කරලා නිගා දුන්නා. එය රටේ සම්පතක්. හදපු නායකයා ඒක ගෙදර අරන් ගියේ නෑ. අනිත් නායකයින් දැනගන්න ඕන ඒකෙන් රටට වැඩ ගන්න...
ඔවුන් ගහපු මඩ ඔවුන්ම හෝදනවා...
මේකේ කොමන්ට් දාන මෝඩ මින්සුන්ගේ දැනුම ගැන හිතාගන්න පුළුවන් දාන කොමෙන්ට් එකෙන්.. මත්තල කියන්නේ අසාර්ථක පෝජෙක්ට් එකක් කියලා මෙච්චර පැහැදිලි වෙලත් තවම එක තේරුම් ගන්න බැරුව කඩේ යනවා.
හලෝ පන්සිළු, රත්නවීර, මේ ඔහෙලා කියන ජාතියේ වැඩක් නොවෙයි. හිටපු කාලකන්නි පාලකයෝ රටට දායාද කරපු නාස්තිකාර ව්‍යාපෘතියකින් වෙන පාඩුව අවම කරගන්න උත්සාහ කරනවා. ඒක තේරෙන්න මොලයක් ඕනෑ.
හෝදල පිළිවෙළට ගන්න. වන සත්තු පන්නල ඕක ගුවන් තොටක් කරන්න අපේ ජනාධිපති තුමාගේ මාලිමා රජයෙ ඔළු වලට හැකිවීම සතුටක්මේ ගෞරවයක් ඒවගේම මාසිකව කෝටි 25 ක අලාභය අඩු කර ගැනීමට එය හේතු වේවා! බැඳගත් බෙරය ජාතියම එක්ව ගැසිය යුතු බව මේ සම්බන්ධයෙන් රජයට මඩ ගහන අයට දන්වමි.
නායකයා ගෙදර අරන් ගියේ නෑ තමයි. ඒත් ඇත්ත වටිනාකමට වඩා වියදම ගොඩක් වැඩී. අනික තමයි දැනටත් මාසෙකට කෝටි 25ක පාඩුවක් සිදුවෙනවා.
මත්තල ගුවන්තොට ඇරල රාජපක්ෂ නම ගහ ගත්තට අහස් යානා එන්නෙ නැති ගුවන්තොට ලේබල් එක ගලවන්න අනුර එනකන්ම ඉන්න සිදුවුණා පළපුරුදු කට්ටියට. ගුවන්තොට වන සතුන්ගෙන් හානි නොවන ලෙස සකස් කලේ වින්මල්ට ඇමති,මේ රජයෙ. මේක හැදුවට විවේචනය කලා තමයි නමුත් හදපු එක රටට බරක් නොවන්න වැඩ කලේ මේ රජය. ඒක නිසා පරණ කතා වැඩක් නැහැ, විවේචනය එහෙමමයි අනවශ්‍ය ඉදිකිරීමක් මේ මුදලින් කටුනායක වැඩි දියුණු කලා නම් රටට විශාල ආදායමක්, නම ගහගන්න රටක් ණය කරපු කාලකණ්ණින්ට අද පාරෙවත් යන්න බැහැ.
ඔය සහතිකේ පළපුරුදු කට්ටියට ගන්න බැරි උනා
හරි
අයොජනය හොඳ නෑ, එත් මේ මහජන මුදල් (අපිත්, ඉදිරියටඑන්න ඉන්න පරම්පරාවක් ණය වෙලා ) කොහොම හරි ගෙවන්න ක්‍රමයක් හොයාගන්න ඕන. ඒවා නැතුව ‘මාර නිධානයක්’ නොවෙයි
කියපු ඔක්කොම කතා බොරු කියලා එයාලට දැන් පිළිගන්න වෙලා. Port City එකට මොනවාද නොකිව්වේ? අද එය විදේශිකයන්ට ඉන්වෙස්ට් කරන්න හොඳම තැනක් කියලා ආණ්ඩුව කියනවා . නෙළුම් කුලුනට කිසිම මුදලක් රජයෙන් වියදම් නොකර මිලියන 89ක් ලාභ ලබනවා
සහතික දුන්නාට වැඩක් නෑ, රුපියල් කෝටි විසිපහක් මසකට කනවනම්.
ලප කොටා කොච්චර බොරු විද්දද?